වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසයි. මෙයින් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති අතර එයින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තුවාල ලැබූ පුද්ගලයා වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා මාතර රෝහලට යවා තිබේ.
යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් අද (4) අළුයම 1ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කප්පරතොට ප්රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, තුවාල ලැබූ පුද්ගලයා ද එම ප්රදේශයේම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි. මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.