වැලිගම, බටවල, පාතේගම ආදර්ශ ප්රාථමික විදුහල අසල අද(27) උදෑසන වෙඩිතැබිමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
මිදිගම පොලිස් වසමේ පදිංචි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තොල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන මෙම වැඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි. වෙඩි තැබිම සිදුවු ස්ථානයේ මාර්ගයේ හිස් උණ්ඩ කොපුවක් ද දක්නට තිබිණි.
මිදිගම පිටිදූව පාරේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු අද උදැසන සිය දරුවන් දෙදෙනා පාසලට රැගෙන ආ අවස්ථාවේදී එම පුද්ගලයා ඉලක්ක කොට මෙම වෙඩිතැබීම සිදුකර ඇත. කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.
වෙඩි තැබිමට ඉලක්ක වු පුද්ගලයා නදුන් චින්තක නොහොත් හරක් කටා යන අයගේ පාර්ශවයේ පුද්ගලයකු වන අතර මොහුට විරුද්ධව පුද්ගලයෙකුට වෙඩි තැබිමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මේ වන විට ඇප මත නිදහස්ව පැමිණ සිටින අයෙකු බව පොලිසිය කියයි.
සිදුවිම සම්බන්ධයෙන් මිදිගම පොලිසිය ,වැලිගම පොලිසිය හා එක්ව පොලීස් කණ්ඩයම් කිහිපයක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වැඩිදුර පරික්ෂණ කරති.