වැලිකන්ද සුසිරිගම ප්රදේශයේ වෙළඳ සැලකට ඇතුළු වු විදේශික යුවලක් රුපියල් ලක්ෂ 3 වංචා සහගතව රැගෙන ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
සුසිරිගම ප්රදේශයේ වයස් ගත යුවලක් පවත්වාගෙන යන වෙළඳ සැලකට පැමිණ විදේශික යුවල භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් සුහද කථා බහක නිරතවි රුපියල් 1000 කොල 5 ක් පෙන්වා එම දාහේ කොළ වලට රුපියල් 5000 කොලයක් දෙනමෙන් වෙළඳ සැල් අයිතිකරුගෙන් ඉල්ලීමක් කර තිබේ .
වයස් ගත මෙම වෙළඳ සැල අයිතිකරු ගෙන් රුපියල් 5000 කොලය අතට ගෙන එම පන්දහයේ කොලය පළුදු වි ඇති බව පවසා වෙන
5000 කොළයක් ඉල්ලා ඇත. එම අවස්ථාවේ ලාච්චුවේ 5000 කොළ නොමැති නිසා වි විකුණා තම පුතා ගෙනවිත් දුන් මුදල් රුපියල් 612000.00 ( හය ලක්ෂ දොළොස් දහක) මුදල් පසුම්බිය අතට ගෙන ඉන් එකක් විදේශිකයාට දි තිබේ .
මුදල් පසුම්බිය දුටු සුද්දා එම මුදල් පසුම්බියෙන් 5000 කොළ අතට ගෙන එම 5000 කොළ වටා පොතක් ලෙසට අතේ තියාගෙන සිටි අවස්ථාවේ මුදලාලි ක්ෂණිකව රු 5000 කොළ අතට ගෙන තිබුණි .
ඒ් වන විටත් මෙම වංචාකාර විදේශිකයන් යුවළ මුදල් පසුම්බියේ තිබුණ මුදල් වලින් රුපියල් ලක්ෂ 3 තුනක් අරන් දෙදෙනා යතුරු පැදියේ නැගි පලාගිය බව වෙළඳ සැල් අයිතිකරු විසින් වැලිකන්ද පොලිසියට කරන ලද පැමිණිල්ලක සදහන් වේ.
මෙවැනි වංචා සහගතව මුදල් ගන්නා විදේශිකයන් පිළිබඳ තැනින් තැන සිද්ධිිිින් වාර්තාවේන බැගින් විදේශික වංචාකරුවන්ගෙන් ප්රවේශන් වෙන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
බකමුණ සරත් නිශ්ශංක