2021 වසරේදී වැලිකඩ රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතාට මරණ දඬුවම නියම කිරීමටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් කිරීමටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.
එම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුන් වන ගිහාන් කුලතුංග, (සභාපති) මංජුල තිලකරත්න, සහ ප්‍රදීප් හෙට්ටආරච්චි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්රනාශයට පත් කළේය. මෙම නඩු තින්දුව අද දිනයේදි ප්‍රකාශයට පත්කරන බව මිට ඉහතදී දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ මහත් ආන්දොනයකට ලක්වූ මෙම සිදුවීම වෙනුවෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලිමක් අනුව මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණින.