වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කරන ලද සැකකරුවෙක් මිය යාමේ සිදුවිම සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරිම සඳහා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධුයෙන් ඉවත් කිරිමටත් තවත් නිලධාරින් දෙදෙනෙක් රාජකාරි වැඩ තහනම් කිරීමටත් පොලීසිය කටයුතු කර තිබේ.
පසුගිය 01දා රාත්‍රී කාලයේදී වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍ර දේශයේ නිවසකට ඇතුළු වි සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් නිලධාරින් විසින් සැකකරු රෝහල් ගත කිරිමෙන් පසුව මිය ගොස් තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරික්ෂණයක් සිදු කිරිම සඳහා වැලිකඩ පොලිස්ස්ථා නාදධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරිම සඳහා වන නිර්දේශ වැඩබලන පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරිම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.
එමෙන්ම මෙම සිදුවීමේදී තම රාජකාරිය පැහැර හරින ලස බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමටද කටයුතු කර තිබේ.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.