වැලිකඩ බන්ධනාගාරෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයා හා සමීපව කටයුතු කළ පුද්ගලයන් අතරින් කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව මේ වන විට 210කගේ වාර්තා ලැබී ඇති බවත් එම සියල්ලම ප්‍රතිඵල සෟණාත්මක බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
“310ක් පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කළා. අද උදෑසන විට 210කගේ පී.සී.ආර්. පරීක්ෂණ ලැබිලා තියෙනවා. ඒ එකක්වත් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී නෑ. ඉතිරි පරීක්ෂණ අද ලැබෙයි කියා සිතනවා.
186ක් පූනානි හි පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ වෙනත් පරිශ්‍රයක් වෙත රැගෙන ගියා. ඔවුන් බන්ධනාගාර නිලධාරීන් යටතේ නිරෝධායනට ලක්කරනවා.
බන්ධනාගාර නිලධාරීන් 7ක් නිරෝධායනට ලක්වෙනවා. කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ සියලු දෙනාම පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කරනවා”