ලෝකයේ පවතින එළවළු නිෂ්පාදනයෙන් වැඩිම වස විසක් සහිත එළවළු නිෂ්පාදනය මෙරට සිදුවන බව කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
මෙම හේතුව නිසාවෙන් බෝ නොවන රෝග විශාල වශයෙන් රට තුළ ක්‍රියාත්මක වන බවද හෙතෙම අවධාරණය කළේය.
කැකිරාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරුවන්ගේ යකඩ ප්‍රෝටීන් විටමින් ඌනතාවය හේතුවෙන් දරුවන් මුදවාගැනීම සඳහා ලෝක ආහාර වැඩපිළිවෙළ යටතේ සබලකරණය සහිත සහල් නොමිලේ පාසල් දරුවන්ගේ ආහාරයට ලබාදීමේ වැඩසටහනට කැකිරාව ප්‍රදේශයේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වසරකට එළවළු සඳහා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පොළොවට යොදන බවත් කෘමිනාශක ද්‍රව්‍ය ටොන් 5000 මහපොළොවට යෙදෙන බවද හෙතෙම සඳහන් කළේය. මෙම සියල්ල යෙදීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලබාදී තිබීම ගැනද හෙතෙම අවධාරණය කළේය.
උතුරු මැද පළාතේ පමණක් වකුගඩු රෝගයෙන් මේ වනවිටත් 20,000 ක් ජීවිතක්ෂයට පත්ව තවත් ලක්ෂයකට අධික පිරිසක් රෝගීන් බවට පත්ව සිටින බවද හෙතෙම අවධාරණය කිරීම විශේෂත්වයකි.
එමෙන්ම විශේෂ ප්‍රකාශයක් කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ වම්බටු සහ මෑ කරල් අස්වනු නෙළා වෙළෙඳ පොළට රැගෙන යෑමට ආසන්නව තිබියදී ගොවින් කෘෂි රසායනික ද්‍රව්‍යයක් යොදන බවය. මෙම හේතුවෙන් බොහෝ ජනතාව දැඩි අවදානමකට පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මුදල මත පමණක් කටයුතු කරමින් මෙවැනි දේ සිදු කිරීම නිසා රටේ ජනතාවගේ ආහාරයට වස විස එකතු වන බවද හෙතෙම පවසා සිටියේය.
තිසර සමල් එප්පාවල
