මෙවර පළාත් පාලන මැතිවරණයේදී වැඩිම නාම යෝජනා ප්‍රතික්ෂේප වීම මහනුවරින් වාර්තා වූබවත් ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා පත්‍ර 210 න් 58ක් ප්‍රතික්ෂේප වූ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (21) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් අවතාරණයක් කර සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ මහ නගර සභා 01ක් නගර සභා 04ක් සහ ප්‍රාදේශීය සභා 17ක් සඳහා එම නාමයෝජනා පත්‍ර ඉදිරිපත් වී තිබූ බවයි.
එම පළාත් පාලන ආයතන සඳහා පිළිගත් දේශපාලන 185 කින්ද ස්වාධීන කණ්ඩායම් 26 කින් නාමයෝජනා ඉදිරිපත් වී තිබූූ බවද දිසාපතිවරයා අවධාරණය කළේය.
ප්‍රතික්ෂේප වූ නාම යෝජනා පත්‍ර අතර පිළිගත් දේශපාලන පක්ෂවල නාම යෝජනා පත්‍ර 52ක් තිබෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 122558 (දොළොස් ලක්ෂ දෙදාස් පන්සිය පනස් අටක්) දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා ඡන්ද කොට්ඨාස 368ක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 937 කදී ඡන්දදායකයන් ඡන්ද සලකුණු කිරීමට නියමිත බවද පැවසීය.