රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩ වර්ජන සිදු කිරීමට කිසිදු නීත්‍යානුකූල බලයක් නැතැයිද වැඩවර්ජනයෙන් තමන්ට වෙන පීඩාව හේතුවෙන් මහජනතාව විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජේෂ්ඨ සාමාජික වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා අද (22) පැවසීය.
තමන්ද වසර 23ක් පුරාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු බවත් තමන්ද මෙවර නිලවරණය සඳහා නාමයෝජනා බාරදුන් කෙනෙකු වන හෙයින් ද මෙලෙද අදහස් ඉදිරිපත් කීරීමට කටයුතු කල බවද වෛද්‍ය අතපත්තු මහතා සඳහන් කරයි.
එමෙන්ම තම සංගමයේ ඉහල පෙලේ නිලධාරීන්ට අවශ්‍ය වන්නේ වෛද්‍යවරුන්ගේ සුභසාධනය නොවන බවත් එම සංගමයේ කිහිප දෙනෙකුට අවශව ඇත්තේ මෙම ක්‍රියාවලිය දේශපාලනික අරමුණු කරා රැගෙන යාමට බව සඳහන් කරන අතපත්තු මහතා වැඩිදුරටත් සඳහන් කරමින් ප්‍රකාශ කරනුයේ පත්වීම් අත්සන් තැබීමට හෝ මාරු මණ්ඩලවලට අත්සන් තැබීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට කිසිදු නීත්‍යානූකූල බලයක් නොමැති බවයි.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයෙන් මෙතුවක් කල් ජයග්‍රහණ අදාල පාර්ශවයන් ලබා ගත්තේ මිය ගිය, විශ්‍රාම, විදෙස් ගතවූ වෛද්‍යවරුන්ගේ නම් යොදා ව්‍යාජ ලෙස සකස් කල තැපැල් ඡන්ද පත්‍රිකා වලින් බවත් මෙවර නිලවරණයේදී තමන් විසින් එය වැලැක්වූ බවත් ඔහු සඳහන් කලේය.