වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් නීතිය පිළිබඳ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය සහ සමගි ජන බලවේගයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂණ පාදුක්ක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (07) ගොනු කළහ.
මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය සහ නිරෝෂණ පාදුක්ක මහතා ගොනු කළ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කර ඇත.
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ පූර්ණ අනුමැතිය නොලැබුණු බවත් ව්‍යවස්ථාදායක සභාවේ පූර්ණ අනුමැතියකින් තොරව තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීම නීතියට පටහැනි බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීම නීත්‍යානුකූල නොවන බවට ප්‍රකාශ කරන්නැයයි ඉල්ලා සිටිති.