ආයතනයෙන් ආයතනය සඳහන් කරමින් ඒවාට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශ නිකුත් කර නොමැති වුණත් මෙම අවස්ථාවේදී ආයතන ප්‍රධානින් සිහිබුද්ධියෙන් තීන්දු තීරණ ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් ( මහජන සේවා ll) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය අදට පැවසුවාය.
අද කල විමසීමකදී ඇය මෙලෙස පැවසුවාය.
“මේ මොහොතේ වැඩට යනවාද නැද්ද කියන එක නොවෙයි ජීවත් වෙනවාද නැත්ද කියනදේ ගැන තමයි දැන් ප්රශ්නය තියෙන්නේ. ඒ ගානට දැන් ඇවිත් තියෙන්නේ. ඒ නිසා සිහි බුද්ධියෙන් කටයුතු කරන්න.
තමන්ගේ රාජකාරිය හෝ ආයතන වල සිදුකරන කාර්යය භාරය කුමක් වුවත් එය ආයතනයක් සේ සලකා කටයුතු කළයුතුයි. ආයතන ප්‍රධානින් තමන්ගෙ ආයතන කුමන ක්ෂේත්රයට අයිතිවන්නේද යන්න සලකා මාර්ග උපදේශ සංග්‍රහයට අනුව කටයුතු කිරීම වැදගත්.
අඩුම ගානේ සුමාන දෙක තුනක්වත් ඉවසලා ,ජීවත් වෙන්න උත්සහ කරන්න එය තමයි මට දෙන්න පුලුවන් උපදේශය.”