2022 අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.7%ක් වූ අයවැය ප්‍රාථමික හිඟය, 2023 වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් කර ගැනීමට හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අමතමින් ඔහු මේ බව පැවැසීය.
නිදහසින් පසු ගෙවී ගිය 76 වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කරගැනීමට හැකි වූ 6 වැනි අවස්ථාව මෙය බවත් ජනාධිපතිවරයා පැවසීය.
එසේම පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැවැති සියයට 50 ඉකමවූ උද්ධමනය සියයට පහක් දක්වා පහළ දැමීමට හැකිවූ බවද ඔහු පැවැසීය.
2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය, 1977න් පසු පළමු වරට 2023 වසර අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බවද ඔහු පැවැසීය.
2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ අතර මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණි බව ජනාධිපතිවරයා පැවසීය. වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීම අපේක්ෂාව බවද සඳහන් කළේය.
මේ වන විට ඩොලරයේ අගය රුපියල් 314ක් බවත.් පොලී අනුපාතය 12%ක් වී ඇති බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු පැවැසීය.
2022 දී රුපියල් බිලියන 700ක් ඉක්මවා අලාභ ලැබූ රාජ්‍ය ව්‍යවසායන් 52ක් 2023 වසරේ රුපියල් බිලියන 300 ඉක්මවූ ලාභයක් ලබා ඇති බවත් ඔහු පැවැසීය.