ලබන ජනවාරියේ සිට භාණ්ඩ අනූ හතකට සියයට දහඅටක වැට් බදු අය කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට්) පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මතවිය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන සහ සමග ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක් වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරු
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය, දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු වෙති.
අනුර පියදර්ශන යාපා , ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, වඩුවෙල් සුරේෂ්,නිමල් ලාංසා සහ ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහත්වරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියේය.
වැට් හා මුදල් පනත් දෙවැනිවර කියවීමට ඉදිරිපත්කළ යෝජනාව වැඩි ජන්දයෙන් සම්මතයි
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද දිනයේම සිදුකිරීමට සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිදුකළ යෝජනාව වැඩි ජන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
2024 විසර්ජන පනත් කෙටුම්පතේ අද දිනට නියමිත කාරක සභා අවස්ථාවේ වැඩකටයුතු නිමවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ සදහන් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීම අද දිනම (11) සම්මත කර ගැනීමට මෙහිදී සභානායකවරයා විසින් යෝජනා කර සිටියේය. තවද ඉන් අනතරුව පරිපූරක ඇස්තමේන්තුව ද අද දිනම අනුමත කරගත යුතු බවද සභානායකවරයා යෝජනා කර සිටියේය.
ඒ අනුව විපක්ෂය විසින් එම යෝජනාව සඳහා ජන්දයක් අවශ්‍ය බව පැවසීය. ඒ අනුව අද පෙරවරු 10.00 ට පමණ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 41ක් හිමි විය.
එක් මන්ත්‍රීවරයෙක් ජන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි අතර ඒ අනුව වැඩි ඡන්ද 51 කින් ආණ්ඩු පක්ෂය ගෙනා යෝජනාව සම්මත විය.