වැට් බද්ද ඉහළ යාම හේතුවෙන් යළිත් මධ්‍යසාර මිල ඉහළ දැමීමට සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඔහු කියා සිටියේ ඉන්ධන, ගෑස්, රසායනික පොහොර වැනි දෑ වැට් බද්දට යටත් කළ ද වරාය හා ගුවන්තොටුපොළ බද්දෙන් නිදහස් කිරීමට ගත් තීරණය හේතුවෙන් අහිමි වන ආදායම තුලනය කිරීම සඳහා මධ්‍යසාර වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිල වැට් බදු ඉහළ යාම නිසා ඉහළ යන බවයි.