පසුගිය හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ඥාති පුතෙකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ කොට තිබේ.
හිටපු අමාත්‍යවරයෙකු වූ රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගේ සැමියාගේ සහෝදරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් නීති විරෝධී වාහන බවට රජයේ රස පරීක්ෂක වාර්තා ඉදිරිපත්වීමෙන් පසු එම තහනම් නියෝගය මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කොට ලබාගෙන තිබේ.
එසේ රටින් පිටවීමේ තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ දොන් ඉසුරු ප්‍රදීප් සද්ධාතිස්ස සේරම් නමැති මහයියාව ප්‍රදේශයේ වාහන අලවිසලක් පවත්වාගෙන යනු ලබන අයකුට එරෙහිවය.
එම නීති විරෝධී වාහන දෙක සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අවස්ථා ගණනාවකදී අදාළ සැකකරුට දැනුම් දුන්නත් ඔහු පොලිසිය මගහැරීම හේතුවෙන් එම තහනම් නියෝගය ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් අවස්ථා ගණනාවකදී ඔහුගේ නිවසටද ගියත් එහි සිටින නිවැසියන් ඔහු නිවසේ නොමැති බවට ප්‍රකාශ කරන බව පොලිසිය කියයි.
පසුගිය ඔක්තෝබර් මස 20 වැනි දින දී මෙම සැක කටයුතු බීඑම් ඩබ්ලිව් රේසිං වර්ගයේ නවීන මෝටර් රථය සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථය මහනුවර අනිවත්ත වටරවුම් පාරේ නිවසක ගරාජයක් තුළ සඟවා තිබියදී මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එම මෝටර් රථ දෙක රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු බීඑම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථය මෙරට එකලස් කරන ලද වාහනයක් බවට වාර්තා ඉදිරිපත් කොට ඇති අතර මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයේ එය නිෂ්පාදිත කර්මාන්ත ශාලාව විසින්ල බා දී තිබූ චැසි අංකය සූරා දමා ඇති බවටද වාර්තා ඉදිරිපත්කොට තිබේ. එසේ හෙයින් එම ජීප් රථය රජයට අයත් ජීප් රථයක් හෝ සොරකම් කරන ලද ජීප් රථයක් බවට පොලිසිය සැක කරයි.