වාහන ආනයනය කිරීම ලබන වසරේදී අදියර කිහිපයක් යටතේ සිදුකරන බවත් එහිදී සංචිත පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇති බවත් කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවැසීය.
“වාහන ආනයනය කිරීමට කාණ්ඩ කිහිපයක් යටතේ තමයි අවසර ලබාදීම සිදු කරන්නේ. විශේෂයෙන්ම වාණිජ මට්ටමේ තිබෙන වාහන. නමුත් එය සිදුකරන්නේ විදේශ විනිමය සීමා වලට යටත්වයි.
දැනට සංචිත කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද යන්න පිළිබඳව ගණන් කර තිබෙනවා. මහ බැංකුව යම් ආකාරයක අතිරේක සංචිත හදලා තිබෙනවා.
විනියම සීමාවන්ට යටත්ව තමයි අවසර දෙනේනේ. අදියර තුනක් යටතේ වාහන ගෙන්වන්න අවස්ථාව දෙනවා. ස්ථායිකරන වැඩපිළිවෙළකට මේක යන්න ඕන. එකවරම අතහැරලා මේක කඩා දාන්න දෙන්න බෑ.”