අවශ්‍යතා අනුව ප්‍රමුඛතා අනුපිළිවෙලක් යටතේ වාහන ආනයන සම්බන්ධයෙන් සීමා ඉවත් කිරීමට මේ වනවිට විශේෂ කමිටුවක් පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. මේ වන විට සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය වෑන් රථ 750 ක් සහ බස් රථ 250ක් ආනයනය කිරීමට අවස්ථාව දුන් බවත්. මෙරට විදෙස් සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවා ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව රංජිත් සියඹලාපිටිය මහතා තව දුරටත් සඳහන් කළේය.