රටේ ආර්ථික සුබ සිද්ධිය වෙනුවෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ගනු ලබන සාධනීය පියවර සම්බන්ධයෙන් සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 10 තීරණය කර තිබේ.
එම පක්ෂ 10 ඊයේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ගන්නා වූ ක්රියාමාර්ග සඳහා සහාය ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව සාකච්චා කිරීම සඳහා පැමිණෙන ලෙසත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා විසින් එම පක්ෂ වෙත ලිපියක් මගින් දැනුම් දෙනු ලැබීය.
එම ලිපිය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබේ. එසේම එම පක්ෂ 10 හා අග්රාමාත්යවරයා අතර සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වීමට නියමිත තිබේ.