වාලච්චේන කඩදාසි කම්හල වැසෙන තත්ත්වයට පත්වුවහොත් විකිණීම වෙනුවට රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම වැදගත් බැවින් ඒ සදහා කාරක සභාවේ නිර්දේශය මුදල් සහ කර්මාන්ත අමාත්‍යාංශවලටත් ජනාධිපතිවරයාටත් යොමු කරන බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
වාලච්චේන කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර 1956 වසරේ ගෙන්වන ලද ඒවා බැවින් මෙහි අලුත්වැඩියාවන් සදහා ඇ. ඩොලර් මිලියන 12ක්අ වශ්‍ය බවත් භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන නොලැබුණු බැවින් මෙය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද එම භූමිය සංචාරක ව්‍යාපාරය සදහා වෙන්කරන ලද බැවින් ඒ සදහා අනුමතිය නොලැබුණ බවද කර්මාන්ත අමාත්‍යාංශයේ ලෙකම් තිලකා ජයසුන්දර මහත්මිය ද වැඩිදුරටත් මෙහිදී පැවසුවාය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය