දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකුට යතුරු පැදියකින් සම්පූර්ණ හිස්වැසුම් පැලද පැමිණි පුද්ගලයින් දෙදෙනකු ඉකුත් 18.රාත්‍රි 10.45 ත් 11.00 අතර කාලයේ වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කලුබෝවිල, සරණංකර පාර අංක 112/1 දරණ ස්ථානයේ හෝටලයක හිමිකරු වන නාඩගම් විශ්වනාදන් නොහොත් (.ආනන්ද) යන වයස අවුරුදු (43 ) ක් වන අයෙකුද වන බවත් පොලීසිය කියයි .
යතුරු පැදියකින් සම්පූර්ණ හිස් වැසුම් පැලද පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝටලය තුලට ගොස් හිමිකරුගෙන් දුම්වැටි මිලදී ගැනීමට අවශ්‍ය බව කියා එකවරම හිමිකරුට වෙඩිතබා පැමිණි යතුරු පැදියෙන්ම පලාගොස් ඇති බවත් අවට පිරිස් පැවසීය .
ඒ අනුව එහි සිටි පිරිස් විසින් බරපතල තුවාල ලබා සිටි එම පුද්ගලයා දකුණ කොළඹ ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කරනු ලැබූවත් ඒ වනවිටත් ඔහු මියගොස් ඇතැයිද පොලීසිය පැවසීය.
වැඩිදුර පරීක්ෂණ කොහුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල, අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම්.සී.ඩී .කස්තුරිරත්න මහතා ඇතුලු නිලධාරීන් විසින් සිදුකරගන යනුද ලබයි .
දෙහිවල එච්.එම් ධර්මපාල