මාකොළ, දකුණු මාකොළ ලිපිනයේ පදිංචිව සිටි තිස්අට හැවරිදි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් එම ව්‍යාපාරිකයාගේ පදිංචි ඉඩමේ ඔප්පුව හා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය පැහැරගත් භික්ෂුවක් ඊයේ ( 13) සැකපිට අත්අඩංගුවට ගත්බව දෙමගොඩ පොලිසිය පවසයි.
මෙම භික්ෂුවට, එම ව්‍යාපාරිකයා පැහැරගැනිමට උදවිකල, අපරාධ පරික්ෂණ දෙපාර් තමෙින්තුවෙි නිළධාරින් ලෙස පෙනිසිටි පොලිස් විශේෂ කාරෙය බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස්ෙසැරයන් වරයකු හා පොලිස් කොස්තාපල් රියදුරැවරයකුද අත්අඩංගුවට ගැනිමට පොලිසිය විමර්ශණ අරඹා තිබේ.
මෙසේ පැහැරගැනිමට ලක්වි ඇත්තේ මාකොළ, දකුණු මාකොළ ලිපිනයේ පදිංචි, කොළඹ 09 දෙමටගොඩ,ඩැනිස්ටර් ද සිල්වා මාවතේ, ග්ලෝබල් කැපිටල් මාර්කට් ඉන්වෙස්මන්ට් නමින් ආයතනයක් පවත්වාගෙන යන තිස්අට හැවරදි ව්‍යාපාරිකයකි.
මෙම පැහැරගත් ව්‍යාපාරිකයා පසුව එදින රාත්‍රියේ දෙමටගොඩ රාජකිය උද්‍යානය අසලට සැකකරැවන් විසින් ගෙනත් දමා පළාගොස් තිබේ.
සිද්ධිය සමිබන්ධයෙන් මෙම ව්‍යාපාරිකයා දෙමටගොඩ පොලිසියට කල පැමිණිල්ලකට අනුව , මෙම , පැහැරගැනිම සැලසුමිකල බව කියන සැකකාර හිමිනම දෙමටගොඩ පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකාර හිමිනම , දොඩමිදුව, පිංකන්ද,කටුකෝලිහ ප්‍රදේශයේ විහාරස්ථානය වැඩ වෙසෙන තිස්අට හැවරදි භික්ෂුවක් බව අනාවරණය වි තිබේ.
සැකකාර භික්ෂුව , පැමිනිලිකාර ව්‍යාපාරිකයාට අයත් සමාගමෙි මුදල් ආයෝජනය කර ඇති බවත් එම භික්ෂුව සිද්ධිය වු දින පොලිස් විශේෂ කාර් ය බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් සැරයන් හා කොස්තාපල්වරයා සමග, පොලිස් විශේෂ කාර්ය බලකා ජිප් රථයකින් පැමිණෙ මෙම ව්‍යාපාරිකයාගේ ළඟ ආයෝජනය කර තිබු මුදල් නැවත ඉල්ලා තිබේ.
එම ව්‍යාපාරිකයා හා එම සැකකාර හිමිනම ඇතිකරගෙන ඇති ගිවිසුමට අනුව, එම මුදල ලබාදිම වයාපාරිකයා ප්‍රතික්ෂේප කිරිම නිසා සැකකාර භික්ෂුව අනෙක් සැකකරැවන් දෙදනා සමග මෙම ව්‍යාපාරිකයා ඔවුන් පැමිණි ජිප් රථයෙන් පැහැරගෙන ගොස් තිබේ.
පසුව ව්‍යාපාරිකයාගේ, නිවසේ ඔප්පුව හා විදේශ ගමන් බලපත්‍රය බලහත්කාරයෙන් පැහැරගෙන නැවත නිදහස්කර ඇතැයි පොලිසිය පවසයි.
ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත්තේ, සැකකරැවන්ගේ බලපෑම් නිසා තමන් එම භික්ෂුව ඇතුලු සැකකරැවන්ට රු. 4 620 000 ක් වටිනා චෙක්පතක් ලබාදුන්නද ඔවුන් එම චෙක්පත භාර ගැනිම ප්‍රතික්ෂේප කල බවයි.
සැකකාර භික්ෂුව සමග පැමිණි අනෙක් සැකකරැවන් දෙදනා පෙනිසිට ඇත්තේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවෙි නිළධාරින් ලෙස බවත්, පසුව සිදුකල විමර් ශණයකින් පසුව එම සැකකරැවන් දෙදනා අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවෙි නිළධාරින් නොව, පොලිස් විශේෂ කාර් ය බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල් රියදුරැවරයකු බවට අනාවරණය වු බවත් දෙමටගොඩ පොලිසිය පවසයි.
කෙසේ වෙතත් මෙතෙක් එම පොලිස් සැරයන්වරයා හා පොලිස් කොස්තාපල් රියදුරා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
නයනජීව බණ්ඩාර