මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ තෙල් සහ ගෑස් පෝලිමක්ඇතිකොට එයවීඩියෝ ගත කිරීමට තැත්කිරීමේදීමැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහපොලිසිය එක්වඑය වහාම නතර කිරීමට පියවරගෙන තිබේ.
කටුගස්තොටවීරකෝන් උද්යානයප්රදේශයේ ඇති තරු හෝටලයක සිටින විදේශිකයන්කණ්ඩායමක්ත්රිරෝද රථවල ගමන් කිරීමටකැමැත්තෙන් සිටින බව පවසාත්රී රෝද රථ විශාල සංඛ්‍යාවක් එමඉන්ධන පිරවුම් හල අසලටකැඳවාඑම ව්‍යාජ ඉන්ධන පෝලිමවීඩියෝ ගත කිරීමට සැලසුම් කොට තිබී ඇති අතරව්යාජ ගෑස් පෝලිම සඳහාදිගන ප්‍රදේශයේ වත්තකකම්කරුවන් 50-60කපමණ පිරිසක්රුපියල් 2500 බැගින් ගෙවාඑම ස්ථානයට ගෙනවත් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතරඔහු එම වීඩියෝ වැඩසටහනකිසියම් ජනාධිපති අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාවය මතසිදුකිරීමට කොන්ත්‍රාත්තුව බාරගත්පුද්ගලයා බව පොලිසිය කියයි.
සිද්ධිය අනාවරණය වීමත් සමගමහනුවර මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහකටුගස්තොට පොලිසිය එම ස්ථානයට වහාම පැමිණඑම වැඩසටහන නතර කිරීමටපියවර ගෙන තිබෙනඅතරව්යාජ ගෑස් පෝලිමේ රැඳී සිටි කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන්එම ස්ථානයෙන් ඉවත්කොට වෙනත් ස්ථානයකට ගාල් කිරීමටමැතිවරණ නිරීක්ෂණයෙන් නිලධාරීන් සහ පොලිසියකටයුතු කොට තිබේ.
මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදිකටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකආර්. සී. රාජපක්ෂ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්වැඩිදුර විමර්ශන සිදු කරන අතරඑම වීඩියෝ ගත කිරීම සිදුකළඉන්ධන පිරවුම්හලේපාලන අධිකාරියෙන්ද පොලිසිය කටඋත්තර ලබාගෙන තිබේ.