රුපියල් 5000 යේ හොර නෝට්ටු 102 ක් සමඟින් පුද්ගලයෙකු ලද තොරතුරක් මත විනාඩි පහලොවක් වැනි සුළු කාලයක් තුල රත්නපුර නගරයේදි අත් අඩංගුවට ගැනිමට රත්නපුර පොලිසියේ අපරාධ අංශය සමත් වි ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 ක පුද්ගලයෙකු බව අපරාධ අංශය පවසයි.
මෙම සැකකරුට මුල්‍ය අපරාධ සම්බන්ධව නඩු කිපයක් බදුල්ල මහියංගණ පොලිසිවල පවතින බවද සිදු කරන ලද විමර්ශණ යෙන් අනාවරනය වි ඇති බව අපරාධ අංශය පවසයි.
රත්නපුර නගරයේ රන් බඩු අලෙවි මධ්යස්ථානයනට පැමිණ රුපියල් ලක්ෂ පහකට මාලයක් ලබාගෙන වලංගු රුපියල් පන්දහසේ නෝට්ටු සමඟ ව්‍යාජ රුපියල් 5000 යේ හොර නෝට්ටු වෙළඳ සැල් හිමියාට දි ඇත.
පසුව වෙළඳ සැල් හිමයා විසින් රත්නපුර පොලිසිය දැනුවත් කිරිමෙන් පසුව සැකකරු අත් අඩංගුවට ගෙන කරන ලද පරික්ෂාවකදි රුපියල් 5000 යේ ව්‍යාජ නෝට්ටු 102 ක් සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකරුගෙන් කරන ලද වැඩිදුර විමර්ශණයෙන් අනාවරනය වි අත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි සිය නිවසේ කාලයක් තිස්සේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇතිබවයි.
අදාල සැකකරු වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා කෙළඹ අපරාධ පරික්ෂණ දෙපාර්ත මේන්තුවට බාර දුන් බව අපරාධ අංශය පවසයි
බදුල්ල ප්‍රදේශයේ සැකකරුගේ නිවස අපරාධ පරික්ෂණ දෙපාර්ත මේන්තුව විසින් සිදු කරන පරික්ෂාවකදි ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කරන ලද උපකරණ සොයා ගෙන ඇති බවද අපරාධ අංශය පවසයි. සැකකරු රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
රත්නපුර අධිකරණ ඒ.ජි.වික්‍රමසිංහ