ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග අත්සන් කිරීමට යෝජිත ගිවිසුම අත්සන් කරන බවට මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම මෙසේ අත්සන් කාරීමට ගිය ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඔහු සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිම ගිවිසුමක් කවර පාර්ශ්වයක් සමග හෝ අත්සන් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු නොකරන බවත් ඔහු පැවැසීය.
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුකූලව රටට ලැබීමට නියමිත යම්කිසි ආධාරයක් සම්බන්ධයෙන් වන ගිවිසුමක් ඇත්නම් එය ඇමෙරිකාව හෝ චිනය වෙනත් ඕනෑම රටක් සමග ගිවිසුම් ගතවන බවත් අමාත්‍යවරයා පැවැසීය.