ආණ්ඩුක්‍රම ව්‍යසවස්ථාවේ 17, 18, 19, 20 හා 22 යන සංශෝධන සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 18ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
18 වැනි සංශෝධනය තුළින් විධායක ජනපති බලතල වැඩි කළ අතර 19 වැනි සංශෝධනයෙන් විධායක ජනපති බලතල අඩු කළේය.
නැවතත් 20 වැනි සංශෝධනය තළින් විධායක ජනපති බලතල වැඩි කළ අතර 22 වැනි සංශෝධනය තුළින් විධායක ජනපති බලතල යළිත් වරක් අඩු කළේය.
මෙම සියලුම මන්ත්‍රීවරුන් ඒම සංශෝධන සියල්ලටම පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම කැපී පෙනෙන සිදුවීමි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ, අනුර යාපා, ඒ. ඒල්. ඒම. අතාවුල්ලා, සී.බී. රත්නායක, ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම, දුමින්ද දිසානායක, බන්දුල ගුණවර්ධන, ජයරත්න හේරත්, ජෝන් සෙනෙවිරත්න, ඒම්.ඒස්. තවුෆික්, මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රියංකර හේරත්, රංජිත් සියඹලාපිටිය, ඒස්. බී. දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, විමල් වීරවංශ යන මන්ත්‍රීවරු ව්‍යවස්ථා සංශෝධන 5ටම පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඒසේම මන්ත්‍රීවරු 43ක් 19, 20 හා 22 යන ව්‍යවස්ථා සංශෝධනවලට පක්ෂව ඡන්දය භාවිතර කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_d7452679fa.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_3f0aca00be.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_46e1622be4.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_98c8d3cfab.jpg)