මේ වසරේ මුල් සති 14 තුළදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යා 700,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ජනවාරි 01 දා සිට අප්‍රේල් 15 දා තෙක් ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 718 315කි.
2023 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 7 සීමාව ඉක්මවා ගෙස් තිබුණේ ජුලි මාසයේදීය.
අප්‍රේල් මාසයේ මුල් දින 15 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් 82,531ක් පැමිණ තිබේ. දිනකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මේ වන විට 5500කට ආසන්න වී තිබේ.
ශ්‍රී ලංකාවට මේ වන විට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රට ලෙස ඉන්දියාව අංක එකේ පසුවන අතර එය මුළු පැමිණීම්වලින් සියයට 17ක් වෙයි.
එක්සත් රාජධානිය දෙවන විශාලතම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රට වන අතර එය සමස්ත ප්‍රමාණයෙන් සියයට 11ක දායකත්වයක් ලබාදෙයි.
එක්සත් රාජධානියේ බලධාරීන් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශන වෙත මෑතදී යාවත්කාලීන කිරීමත් සමඟ, එම වෙළඳපොළෙන් වැඩි සංචාරක පැමිණීමක් ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
රුසියාව තෙවැනි ස්ථානයේ පසුවෙන්නේ සමස්ත පැමිණීම්වලින් සියයට 10ක ප්‍රතිශතකයකට හිමිකම් කියමිනි.
ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ චීනය ශ්‍රේණිගත කිරීම්වල සිව්වන, පස්වන, හයවන සහ හත්වන ස්ථාන හිමිකරගෙන ඇත.