රිලවුන්, මොනරුන්,සහ වල් අලින් 2022 , 2023 දෙවසරවල තුළදී පමණක් රුපියල් මිලියන 550 ක පොල්, වී, එළවළු, බඩ ඉරිඟු, කෙසෙල් අස්වැන්න විනාශ කර ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කර යි.
වාර්ෂික සමස්ත පොල් නිෂ්පාදනයෙන් ගෙඩි මිලියන 86.7 ක් රිලවුන්, දඬු ලේනුන් සහ වල් අලින් විසින් විනාශ කරන බව මහතා කියයි.ඒ අනුව සමස්ත පලදාවෙන් සියයට 45ක් පමණ රිලවුන් දඬු ලේනුන් සහ වල් අලින් විසින් විනාශ කරන බව හෙළි වී තිබේ. සමස්ත වී වගාවෙන් සියයට 25ක්, බඩඉරිඟු වගාවෙන් සියයට 11ක්, එළවළු වගාවෙන් සියයට 7ක් වන සතුන් විසින් විනාශ කර තිබෙන බව වාර්තාවෙයි.
2022 සහ 2023 වසරවලදී ඉහළම වන සත්ව හානියෙන් ඌව පළාතේ හෙක්ටයාර් 45000ක් සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇත.
කමල් ශ්රී ලියනගේ