පසුගිය වසර තුනක කාලය තුළ ලිංගාශ්‍රිත ආසාදිතයන් 1700ක් පමණ මෙරටින් හඳුනාගෙන ඇති බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩ බලන අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනක වේරගොඩ මහතා සඳහන් කරයි.
මෙරටින් හමුවෙන එච් .අයි .වී ආසාදිතයන් සංඛ්‍යාව වසරෙන් වසර වර්ධනය වන බවද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.
මෙම ලිංගාශ්‍රිත රෝග සහ ඒ්ඩ්ස් රෝග සම්බන්ධ රෝගීන්ගෙන් තුනෙන් එකක්ම වයස අවුරුදු 15ත් 29 ත් අතර තරුණ පිරිස් බව හඳුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්‍ය ජනක වේරගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.