බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මීට වසර එකසිය පණහකට පමණ ඉහතදී ඉඳිකරන ලද පෞරාණික වටිනාකමින් යුත් බිබිල නගර මධ්‍යයේ පිහිටි තානායම මේවන විට කැළෑවට යටවී විනාශවෙමින් පවතී.
දැනට ලංකා සංචාරක මණ්ඩලයට අයත් මෙම ගොඩනැඟිල්ල කැළෑවට යටවී විනාශවෙමින් පවතින අතර ඇතැම් පුද්ගලයින් විවිධ විෂමාචාර ක්‍රියාවන්ට මෙම ගොඩනැඟිල්ල යොදාගන්නා බව නගරවාසීහු පවසති.
බ්‍රිතාන්‍ය පාලන සමයේ ආණ්ඩුකාරවරුන් ඇතුළු උසස් නිලධාරීන් වෙල්ලස්ස ප්‍රදේශයට රාජකාරි කටයුතු සඳහා පැමිණි අවස්ථා වලදී නවාතැන්ගෙන ඇත්තේ මෙම තානායමේය.
1948 පසුව රජයේ පාලනයට නතුවූ මෙම තානායම ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පවත්වාගෙන ගිය අතර වරින්වර පුද්ගලික අංශයට බදු මත ලබාදී තිබිණි.
පුද්ගලික භාරකරුවන් තානායම් පවත්වාගෙන ගිය සමයේ එහි තිබූ වටිනා පෞරාණික භාණ්ඩ අතුරුදහන්වී තිබේ.
බදුකරුවන් ගොඩනැඟිල්ල නඩත්තුනොකිරීම නිසා එහි කොටස් විනාශවීම නිසා මීට වසර 10 පමණ ඉහතදී එය අතහැර දමාගොස් ඇත.
දැනට මෙම තානායම ලංකා සංචාරක මණ්ඩලයට අයත් බව පවසන බිබිල ප්‍රාදේශීය ලේකම් කපිල බණ්ඩාර මහතා බිබිල නගර මධ්‍යයේ තිබෙන මෙම ගොඩනැඟිල්ල සහිත ඉඩම රජයේ කටයුත්තක් සඳහා යොදාගැනීමට කටයුතු කරන ලෙස වගකිවයුත්තන් දැනුවත්කර ඇතත් කිසිදු පියවරක් මේවන තෙක් ගෙන නොමැති බව සඳහන් කළේය. (IJ)
සුමනසිරි ගුණතිලක