අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සමග ලංකාවේ විශාලතම ජලාශය වෙන සේනානායක සමුදුරේ ජල මට්ට්ම ඉහල ගොස් තිබේ.
දැනට අඩි 100.6 දක්වා ජලය පිරි ඇති බ ව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පැවසිිිිිය.
ඉගිනියාගල සේනානායක සමුදුරේ ජල ධාරිතාව අක්කර අඩි 777000 ක් වෙ අතර මේ වෙනවිට අක්කර අඩි 602000 ක් ජලය එකතුවි ඇති අතර මෙපමන ජල කදක් ජලාශයට එක්ව ඇත්තේ වසර නවයකට පමන පසුව වාරිමාර්ගඉංජිනේරුවරයා පැවසීය.
පසුගිය නියං සමයේදි මෙම ජලාශයේ ජල මට්ටම අඩි දක්වා 52000 දක්වා පහල බැස තිබේ.
ඉගිණියාගල සේනානයක සමුද්‍රයේ වාන් මට්ට්ම ඇත්තේ අඩි 110 වන අතර අඩි 102 සිට ජලාශයට එකතු වන ජල මට්ටම අනුව වාන් දොරටු විවෘත කිරිමට පියවර ගන්නා බවද වාර්මාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පැවසීය.
අධික වැස්ස සමග අම්පාර කොණ්ඩුවටුවාන ජලාශය වාන් දමන අතර මේ හේතුව නිසා අම්පාර ඉගිනියාගල මාර්ගයේ ගමනා ගමනයට බාධා ඇති වි තිබේ.
අම්පාර වසන්ත චන්ද්‍රපාල