1993 සිට 2023 දක්වා වසර 30 කාලය තුළ මෙරට වැඩිම දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගයක් පවත්වාගෙන ඇත්තේ 2012 වසරේ වන අතර එය 9.1%ක අගයක් වූ බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එමෙන්ම 2011 දී 8.4%ක්, 2010දී 8.0%ක් , 2006දී 7.7%ක්, 1993දී 6.9%ක්, 2007දී 6.8ක්, 2017දී 6.5%ක් ලෙස එම කාලය තුළ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය පවත්වාගෙන තිබේ.
කෙසේ වෙතත් 1993-2023 දක්වා වසර 30 කාලය තුළ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය වැඩිම ඍණ අගයකින් පවත්වාගෙන ඇත්තේ 2022 වසරේ වන අතර, එය ඍණ 7.3%ක් ලෙස වාර්තා වී ඇත.
එමෙන්ම 2020 වසරේ ඍණ 4.6%ක්, 2023 වසරේ ඍණ 2.3%ක්, 2019 වසරේ ඍණ 0.2%ක්, සහ 2001 වසරේදී -1.5%ක් ලෙස මෙම කාලය තුළ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය ඍණ අගයක් ලෙස සටහන්ව ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයත්න මහතා ලබා දුන් පිළිතුරේ මේ බව සඳහන් කර තිබේ.