ඉන්දීය දුම්රිය සේවය අප්‍රේල් 14 වනදා දක්වා රට පුරා මගී ප්‍රවාහන සේවා අත්හිටුවීමට තීරණය කර තිබේ.
ආසියාවේ පැරණිතම දුම්රිය ජලායක් වන ඉන්දීය දුම්රිය සේවය මෙසේ දුම්රිය සේවය සිය සේවා අත්හිටුවීමට තිරණය කළේ වසර 167කට පසුවය.
මේ අතර පැරණි දුම්රිය මැදිරි 20,000 ක් පමණ රෝගීන් සඳහා භාවිත කළ හැකි හුදකලා වාට්ටු බවට පත් කිරීමට දුම්රිය ජාලය තීරණය කර තිබේ.
ලොව සිව්වන විශාලතම දුම්රිය මෙහෙයුම්කරු සහ ඉන්දියාවේ විශාලතම සේවා යෝජකයාද වෙයි.
ඉන්දියාවේ රෝහල් පද්ධතිය තවමත් කොරෝනා වෛරසය හේතුවෙන් ගැටලුවකට පත් නොමැති අතර රෝගීන්ගේ විශාල වර්ධනයක් වුවහොත් මෙම දුම්රිය මැදිරි මගින් සහනයක් ලබාගැනීමට අවස්ථාව තිබේ.