යථාර්ථවාදී නොවන බව කියමින් ප්‍රකාශකයන් විසින් 2005 වසරේදී ප්‍රතික්ෂේප කළ ‘Lockdown’ නවකතාව,මේ වන විට මිලියනයකට අධික සංඛ්‍යාවක් කියවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම කෘතිය ගෝලීය වසංගතයක් පිළිබඳව රචනා කර තිබේ.ඉන් වසර 15කට පසුව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් මෙම නවකතාව රචනා කරන ලද්දේ ප්‍රකට තිර පිටපත් රචකයෙකු වන පීටර් මේ විසිනි.
2002 වසරේ සිට ඇමෙරිකාව සහ එංගලන්තය තුළ සිදුකරන ලද පර්යේෂණ තොරතුරු පාදක කරගෙන රචනා කර ඇති මෙම නවකතාව සඳහා ඔහු පාදක කරගෙන ඇත්තේ එංගලන්තයේ ලන්ඩනයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතුවරයා සඳහන් කළේ 2019 වසරේදීද මෙම නවකතාව ප්‍රකාශකයන් විසින් ප්‍රතික්ෂේප කළ බවයි. ඊට හේතු ලෙස අතිශයින් යථාර්ථවාදී නොවන සහ අහේතුක බව තමාට දැන්වූ බවද ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් ඔහුගේ රසිකයෙකු විසින් කොරෝනා වසංගතයට එරෙහිව නවකතාවක් රචනා කරන ලෙස ඉල්ලා සිටි බවත්, මේ අනුව තමන් මෙම රසිකයාගේ අදහස ගැන අවධානය යොමු කළ බවත්,මේ අනුව තමන් විසින් එවැන්නක් මේ වන විටත් රචනා කර තිබුණු බව තමාට වැටහුණු බවත් කතුවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ඒ අනුව තම ප්රකාශකයාට මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සැල කළ බවත්, සංස්කාරකවරයා විසින් තම නවකතාව නිදි වරාගෙන කියවූ බවත්, පසුදා උදෑසන මෙම කෘතිය අතිවිශිෂ්ට නවකතාවක් බව තමාට පැවසූ බවත් පීටර් පවසා සිටියේය.
මේ වන විට ‘Amazon UK’ හරහා පමණක් කියවිය හැකි මෙම නවකතාවේ, මුද්‍රිත පිටපත සහ ශ්‍රව්‍ය පිටපත අප්‍රේල් 30 වැනිදා නිකුත් වීමට නියමිතයි.