2023 දී පමණක් අලි ඇතුන් 470ක් මිය ගිහින්
2020 වන අලි කළමනාකරණයට හැදුව ජාතික ප්‍රතිපත්තිය අද වනතුරු ක්‍රියාත්මක වන්නේ නැති බවද මහතා පවසයි
ආසන්න අවුරුදු 14ක කාලය තුල අලි ඇතුන් 4194 කට ආසන්න ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් ඇතුළු විවිධාකාර හේතු මත ජීවිතක්ෂයට පත්ව ඇති බව වන අලි පර්යේෂක සමීර වීරතුංග මහතා පවසයි.
2023 වර්ෂයේ පමණක් අලි ඇතුන් 470කට ආසන්න ප්‍රමාණයක් නිල වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් සහ ඉතාම සුළු ලෙඩ රෝග හේතුවෙන් මරණයට පත්ව ඇති බවත් පෙන්වා දෙන ඒ මහතා සඳහන් කලේ, වැඩි වශයෙන් අලි ඇතුන් ඝාතනයට ලක්ව ඇත්තේ අනවසර විදුලි රැහැන් ඇදීම, හක්කපටස් කැවීම සහ වෙඩි තැබීමෙන් බවය.
2024 වර්ෂයේ මේ වන විට වන අලි 200කට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත්, මෙම මරණ සෘජු මිනිස් ක්‍රියාකාරකම් මත සිදුව තිබෙන බවත්, ජාතික වන උද්‍යානය තුල සතුන්ට නිසි ආහාර රටාවක් නොමැති වීම හේතුවෙන් එම සතුන් තම නිජබිම අවට සංචාරය කිරීම සාමාන්‍ය දෙයක් බවද ඒ මහතා සඳහන් කළේය.
යාල වන උද්‍යානයේ සිටි 'සැන්ඩෝ' 'අර්ජුන' යන හස්තීන්ට මේ වන තෙක් , සිදු වූයේ කුමක්ද යන්න කවුරුත් නොදන්නා බවත් අප සංස්කෘතික වශයෙන් කොයිතරම් අලිත් සමග රැඳී සිටියත්, ආර්ථික ප්රතිලාභ ලැබුවත්, නිරන්තරයෙන් අලි ඇතුන් ඝාතනය කිරීම සිදු වන බවත් පෙන්වා දෙන සමීර වීරතුංග මහතා මේ සදහා පිළිතුරු තිබෙන බවද වන ආවරණය කළේය
2020 වර්ෂයේදී වන අලි කළමනාකරණය සඳහා සැකසූ ජාතික ප්‍රතිපත්තිය අද වන තුරුත් ක්‍රියාත්මක නොවන බවත්, ඒවා හමස් පෙට්ටියට දමා බලධාරීන් ඔහේ බලා සිටින බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.