අතුරුගිරිය ප්‍රදේශයේ ටැටු ආයතනයකදී වෙඩි තබා ඝාතකයය කළ සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ මෘත දේහය තැන්පත් කර තිබු බොරැල්ල මල්ශාලාවට අවස්ථා දෙකකදී තර්ජනාත්මක දුරකතන ඇමතුම් දීම සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා බොරැල්ල පොලිසියට නියම කළේය.
තර්ජනාත්මක ඇමතුම් දුන් පුද්ගලයින් හෙළි කර ගැනීම සඳහා දුරකථන විශ්ලේෂණ වාර්තා අවශ්‍ය වී ඇතැයි කියමින් බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රත්වරයා එලෙස නියම කළේය.
බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන් බොරැල්ල පොලිසිය සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
පෞද්ගලික මල්ශාලාවට තර්ජනාත්මක ඇමතුම් දුන් පුද්ගලයින් හෙළි කර ගැනීම සඳහා කරන විමර්ශන සඳහා දුරකථන විශ්ලේෂණ වාර්තා අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන් බොරැල්ල පොලිසිය දුරකථන විශ්ලේෂණ වාර්තා දීමට දුරකථන සමාගම් වලට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රත්වරයා සිද්ධියටට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලිසියට නියම කළේය.