අතුරුගිරියේ කඩුවෙල පාරේ ටැටු කලාගාරය තුළදී සිදු වූ ද්විත්ව ඝාතනය හා සිව් දෙනකුට තුවාල සිදුවීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටු කලාගාරයේ හිමිකරු ඇතුළු 7 දෙනා කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 වෙනිදින දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස මහේස්ත්රාත්චානිමා විජයබණ්ඩාර මහත්මිය නියෝග කළාය
එලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ බලපිටිය මොහොට්ටියා වත්ත ශ්‍රී ගුණානන්ද මාවත පදිංචි බි ඩි සංජුල ද සිල්වා (28) ,අහුන්ගල්ල, එගොඩමුල්ල ධම්ම කුසල මාවත පදිංචි ,රත්මලාන යුද්ධ හමුදා කඳවුරේ ඉංජිනේරු බලකායේ හිටපු සෙබල එම්.ධනුෂ්කද සිල්වා (26) අහුන්ගල්ල එගොඩමුල්ල ධම්ම කුසල මාවත පදිංචි ටි එම් වයි කාවින්ද සිල්වා (23) අම්බලන්ගොඩ ගොඩ හේන , රතුකුරුස නිවාස , ජි එච් ආර් . ලක්මාල් (37) බෙලිඅත්ත.ගම්මුල්ල ගල්වඩු ගෙදර ඩබ්ලිව් .කේ චතුරංග ලක්මාල් (37) බෙලිඅත්ත . පාළු වත්ත. විල්සන් පාර එස් ඩබ්ලිව් . කේශාන් (28) බෙලිඅත්ත අත්බෝධිය ජි ජේ විජේසිරි (31) යන අයවලුන්ය
එම සැකකරුවන් අතර ටැටු නිර්මාණ ශිල්පියෙක්, හිටපු හමුදා සෙබළෙක් බස් කොන්දොස්තරවරයෙක් තීරෝද රථ රියදුරෙක් හා ව්‍යාපාරිකයෙකු වේ.
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයකු ඉකුත් 8 දින එම ටැටූ කලාගාරය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව තිබිණි
එම වෙඩි ප්‍රහාරයෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ බිරිඳ ජනප්‍රිය ගායිකා කේ සුජීවා , ඇයගේ සැමියා සහ තවත් කාන්තාවක් තුවාල ලැබීය
එම අපරාධය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම සැකකරුවන්ට ඇති චෝදනාය. අපරාදය සඳහා යොදා ගන්නා ලද ව්‍යාජ අංක තහඩු යොදා ඇති මෝටර් රථය සහ වෑන් රථයද පොලිස් භාරයට ගෙන ඇත.
අතුරුගිරිය හා කොට්ටාව මෙන්ම බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි