කොවිඩ් 19 වයිසරය ආසාදනයවීම හේතුවෙන් වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ඊයේ (20) දින ජිවිතක්ෂයට පත්ව ඇතැයි වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පැවසීය.
වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ කොවිඩ් ආසාදිතව ඉතා අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මන්ත්‍රීවරිය මියගොස් ඇතැයිද වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
එලෙස මියගොස් ඇත්තේ වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි වවුනියාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරියක් වූ ධර්මදාස පුංචිකුමාරි නැමත්තියකි.
මිය ගිය නාගරික මන්ත්‍රීවරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේ ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස වවුනියාව නගර සභාවට තේරී පත්වූවාය.