යාපනය මාදගල් සකායපුරම් ප්‍රදේශයේදී සංවර්ධන නිලධාරිණියක් ළිඳට වැටී ජලයේ ගිලීමෙන් ඊයේ (18) දින මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලීසිය පවසයි.
මෙම කාන්තාව ගෙවත්තේ පිහිටි ළිඳට ගොස් ජලය ගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී වලිප්පු රෝගය වැළඳීම හේතුවෙන් ඇය ළිඳ තුලට වැටී දියේ ගිලී ඇතැයි සිද්දිය වූ ස්ථානයට ගිය පොලීසිය සැකපල කොට සටීය.
මිය ගිය කාන්තාව දීර්ඝ කාලයක සිට වලිප්පු රෝගයෙන් පෙලී සිට ඇති බවටද පවුලේ ඥාතීන් විසින් පොලීසියට පවසා ඇත.
මිය ගිය කාන්තාව 37 හැවිරිදි ප්‍රදීපන් නිත්‍යා නැමති දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වන අතර ඇය වලිකාමම් නිරිතදිග ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරිණියක් වශයෙන් සේවය කොට ඇත.
මිය ගිය කාන්තාවගේ මළසිරුර යාපනය ශික්ෂණ රෝහලේ අවසන් මරණ පරික්ෂණය සඳහා යොමු කොට ඇතැයි පරික්ෂණ සිදුකරන තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.