වලංගු බලපත් නොමැතිව ගම්පහ නගරයේ පවත්වාගෙන ගිය බව කියන ඔසුසල් දෙකක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ලැබූ බව ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය සදහන් කරයි.
එම ඔසුසල් දෙක පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඒවායෙහි සහතික ලත් ඖෂධවේදීන් නොවූ බව පැවසූ ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර මහතා , එම ඔසුහල් දෙකෙහි හිමිවරුන්ට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගනු ලැබූ බවද වාර්තාවේ.
මේ අතර සහතික ලත් ඖෂධවේදීන් නොමැතිව ගම්පහ - ජාඇල මාර්ගයේ පවත්වාගෙන ගිය ඔසුසලක් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගනු ලැබූ පැවසූ ආහාර හා ඖෂධ පරීක්ෂකවරයා , එම ඔසුසලෙහි කල් ඉකුත්වූ ඖෂධ අලෙවිය සඳහා තිබූ බවද සදහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්වන නීතීඥ වික්‍රමසේකර බණ්ඩාර සහ ඩී.එම්.වයි.රවීන්ද්‍ර යන මහත්වරුන් විසින් වැටලීම් සිදු කොට ඇති අතර නියම කරනු ලබන දිනකදී ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්වීමට යටත්ව එම ඔසුසල්කරුවන් බැඳුම්කර ඇප මත මුදා හැර තිබේ.
ගම්පහ තිලකරත්න දිසානායක