Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
පැතිබැම්මක් කඩා වැටි කාන්තාවක් මරුට - මාර්ග කිහිපයකම ගමනා ගමනය ඇණ හිටියි
ධාරානිපාත වර්ෂාවක් සමග අද 26 උදෑසන බණ්ඩාරවල බිදුනුවැව ජනාදර මාවත ප්‍රදේශයේ නිවසක පැතිබැම්මක් කඩා වැටී ඊට යටවූ පනස් නවය හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ බණ්ඩාරවල බිඳුනු වැව ප්‍රදීපා රත්නායක නමැති 59 හැවිරිදි කාන්තාවකි. මේ අතර බදුල්ල නෙළුම් වැව ප්‍රදේශයේ නිවසක පිටුපස වේල්ලක් කඩා වැටී එම නිවසේ සිටි එකම පවුලේ හතර දෙනකු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මේ වන විට පවතින යහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විදුලි බලයද ඇනහිට ඇති බවත් මාර්ග රැසක් පස් කඳු හා ගස් කඩා වැටී අවහිර වී ඇති අතර ඒවා පිළිසකර කිරීමට මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට විභාග මධ්‍යස්ථානය කරා යාමට අපහසු වූ සිසුන් සඳහා ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පොලිසිය හා වෙනත් සහන සේවකයින් එක්ව එම සිසුන් විභාග මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කර දීමටද කටයුතු කර ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර වැලිමඩ කැටකෑල්ල ප්‍රදේශයේ නායාමක් අවදානමක් මතුවී ඇති බැවින් පවුල් පහක් ආරක්ෂිතව ඉවත් කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර
බොවතැන්නේ වාන්දොරටු හයම අඩි හතර බැගින් විවෘත කරයි.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මාතලේ නාවුල බෝවතැන්න ජලාශයේ වාදොරටු හයම අඩි හතර බැගින් විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු බුද්ධික නවරත්න මහතා කියා සිටී.
අද (26) පෙරවරුවේ තත්පරයට ගන අඩ් විසි දෙදහසක ජල ජල ධාරිතාවක් අඹන් ගඟට මුදා හරින බව හෙතෙම කියා සිටියේය.
එබැවින් අඹන් ගඟ අවට ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් පසු වැන්න වැන්නැයි හෙතෙම ඉල්ලීමක් කළේය.
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ජලය මුදා හැරීමත් සමග සිදුව ඇති බාධාවන් මගහරවා ගැනීම සඳහා නාඋල පොලිසිය ,කලාප අධ්‍යාපන කාර්යාලය හා එක්ව විභාගයට පෙනී සිටින පාසල් විභාගය මධ්‍යස්ථාන වලට ගෙන ඒමේ වැඩපිළිවෙලක්ද සූදානම් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
නාඋල ඉන්දික අරුණ කුමාර
දඹුලු ඔය ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි
ඉකුත් දින තුනක පමණ සිට කාලයක සිට දඹුල්ල ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත් සමඟ 26 දින උදෑසන වන විට දඹුල්ල දඹුලු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කොට එහි තත්පරයට ගණ අඩි පන්දහසක් දඹුලු ඔයට මුදා හරින බව බෝතැන්න ජලාශ භාර එන්ජිනේරූ බුද්ධික මහේෂ් නවරත්න මහතා පැවසීය.
ඉබ්බන්කටුව ජලාශය නමින් හඳුන්වන දඹුල්ල දඹුලු ඔය ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් පහුගිය දින කිහිපයම ඉහළ ගිය බවද පෙන්වා දෙන ඒ මහතා බෝවතැන්න ජලාශයෙන් සහ අවට ඇළ මාර්ගවලින් ලැබෙන ඉහළ ජලධාරිතාවය නිසා ඉබ්බන්කටුව ජලාශය කඩිනමින් මෙවර සම්පූර්ණයෙන්ම පිරුණු බවත් ඒ අනුව විසි හයවන දින උදෑසන වන විට වාන් දොරටු දෙකක් විවෘත කිරීමට සිදුවූ බවද මෙමගින් තත්පරයට ඝණ අඩි පන්දහස බැගින් දඹුලු ඔයට මුදා හැර දඹුලු ඔය හරහා සියලු ජලය කලා වැවට සහ බළලු වැවට එක්වන බව ඒ මහතා පෙන්වා දුන්නේය
කලාවැව සහ බළලු වැව මෙ වන විට තවත් අඩි දෙකක් පිරුණ විගස වාන් දැමීම සිදුවන බවද හෙතෙම සඳහන් කළේය
මෙසේ වාන් දමන ඉබ්බන්කටුව ජලාශයේ බැම්ම මත සහ පාලම මතට පොලිස් ජීවිත ආරක්ෂක සංගමයේ කණ්ඩායම් යොදවා ජනතාවගේ ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි දඹුල්ල පොලිසිය සඳහන් කළේය
මේ වන විට ප්‍රදේශයේ කුඩා සහ මහ වැව් සියල්ල වාන් මට්ටමේ පවතින බව වාරී නිලධාරීහු පෙන්වා දෙය.
එස් කරුණාරත්න
නුවරඑලිය ප්‍රදේශයට තද වැසි, නුවරඑලිය කදපොල ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වෙයි, එලවළු වගාවට හානි.
මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශයේ පිහිටි නුවරඑලිය, කදපොල යන ප්‍රදේශවලට (25) දින සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නුවරඑලිය කදපොල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (26) දින උදැසන සිට ඇණහිට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය.
නුවරඑලිය තුරග තරග පිටිය අසල පිහිටි නිවාස රැසක්, වික්ටොරියා උද්‍යානය මෙසේ ජලයෙන් යට වි ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
නුවරඑලිය කදපොල ප්‍රදේශයේ ගල්පාලම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිම නිසා එම ප්‍රදේශයේ පහත්බිම් වල පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වි ඇති බවත්, ඉන් එලවළු වගාවට දැඩි හානි සිදු වි ඇති බවත්, ජලය ගැලිමෙන් පිඩාවට පත් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
අපොස උසස් පෙල විභාගයට පෙනි සිටින නුවරඑලිය ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන වලට පැමිණි සිසුන් පිරිසක් ජලයෙන් යට වි ඇති කදපොල ප්‍රදේශයේදි බර වාහන යොදාගෙන විභාග මධ්‍යස්ථාන වෙත යොමු කල බවත්, (26) දින පස්වරුවේ විභාගය සදහා පෙනි සිටින සිසු සිසුවියන් සිටිනම් ඔවුන්ට කල්වේලා ඇතිව පැමිණෙන ලෙසත්, එසේ පැමිණෙන සිසු සිසුවියන් ආරක්ෂිතව විභාග මධ්‍යස්ථාන කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.
හැටන් රංජිත් රාජපක්ෂ
අකුරණ යටවෙයි
මහනුවර දිස්ත්‍රික්කය පුරා ඊයේ 25 වනදා සවස් කාලයේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය අදත් ජලයෙන් යටවිය.
අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔයවල් දෙක පිටාර ගැලිම හේතුවෙන් සති තුනක් තුල තුන්වන වරටත් නගරය ජලයෙන් යට විය. අද දිනයේදිත් අකුරණ නගරය ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යාපනයේ ඒ09 මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබිණ.
හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
මහ වැස්සෙන් බදුල්ලේ හානි රැසක්.
මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අද (26) උදෑසන වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රාශියක නිවාස හානි සහ නායයාම් ඇතුළු හානි විශාල ප්‍රමාණයක් සිදුව තිබූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
විශේෂයෙන් ඉකුත් දින දෙක තුනක් තිස්සේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අඛණ්ඩ වර්ෂාපතනයක් පවතින අතර ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල නායයෑම්, පස්කඳු හා ගස් කඩාවැටීම්, ගල් පෙරලීම් ආදිය නිසා නිවාස හානි රැසක් මෙන්ම මාර්ග අවහිර වීම් විදුලි සැපයුම බිඳවැටීම් විදුලි රැහැන් මාර්ගවලට හානි සිදුවීම් වැනි ආපදා විශාල සංඛ්‍යාවක් සිදුව තිබිණි.
නායයෑම්, පස්කඳු හා ගස් කඩාවැටීම් ආදිය හේතුවෙන් සිදුවූ මාර්ග අවහිරතා අතර බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර 7 කණුව ප්‍රදේශයේ නායයාමකින් හා දෙමෝදර ජලාශය අසළ ගසක් කඩාවැටීමෙන් එම මාර්ගයද බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයට (උඩ පාර) ගසක් කඩා වැටී එම මාර්ගයද පස් කණ්ඩි කඩාවැටීමෙන් හපුතලේ බෙරගල මාර්ගයද අවහිර විය. එසේම බදුල්ල පස්සර මාර්ගය තුනේ කණුව අසලින් හා එම මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයෙන්ද බදුල්ල කඳන හරහා ස්ප්‍රිංවැලි මාර්ගය සහ බදුල්ල කෝට්ටෙගොඩ ස්ප්‍රීංවැලි මාර්ගයේ කෝට්ටගොඩ ප්‍රදේශයේද වේවැල්හින්න බදුල්ල මාර්ගය, වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගය, ඇල්ල වැල්ලවාය මාර්ගය, බිබිල ලුණුගල අරවා කුඹුර මාර්ගය, මීගහකිවුල - කැටවත්ත මොරහෙල මාර්ගය, බදුල්ල කුට්ටියගොල්ල කහටරුප්ප මාර්ගය, බදුල්ල ග්ලෙන් ඇල්පින් මාර්ගය හා පස්සර මඩොල්සීම මැටිගහතැන්න මාර්ගයද පස්කඳු කඩාවැටීමෙන් අවහිර වී තිබිණි.
බදුල්ල- කොළඹ දුම්රිය මාර්ගයේ උඩුවර හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්කන්දක් කඩාවැටීමෙන් සහ දෙමෝදර හා ඇල්ල
අතර ආරුක්කු නවය පාලම අසල බිංගය ආසන්නයේ නාය යෑමක් හේතුවෙන් උඩරට මැණිකේ දුම්රිය ධාවනය ප්‍රමාද කෙරුණු බවද වාර්තා විය.
අධික වර්ෂාව හේතුවෙන් හාලිඇල උඩුවර හයේ කණුව ප්‍රදේශයේ නිවසක් හා මීගහකිවුල ඇල්ලන්ද ප්‍රදේශයේ නිවසක් ඇතුළු නිවාස 20 ක් පමණ හානියට පත්වූ බව ආපදා සහන සේවා නිලධාරීන් සඳහන් කළ අතර බදුල්ල නෙලුම්වැව ආලිගබැද්ද මාර්ගය අසල නිවසකට ගලක් පෙරලීමෙන් නිවැසියන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා විය. ඒ අතර බෙලගන් ඔය පිටාරගැලීම නිසා මහියංගන- හෙබරව ප්‍රධාන මාර්ගය සහ හෙබරව ග්‍රාම නිලධාරී වසමේ නිවාස 06 ක් පමණ ජලයෙන් යටවූ බවත් මහියංගන ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.
එසේම බදුලුඔයේ ජල මට්ටම විශාල ලෙස ඉහළ යාමෙන් බදුල්ල සුමනතිස්සගම නිවාස කීපයකට ජලය ගැලීමද සිදුවූ අතර වර්ෂාව තවදුරටත් පැවතියහොත් බදුලුඔය පිටාර ගැලීමේ අවදානමක්ද පවතින බව අදාළ නිලධාරීහු පවසති.
මාර්ග සංවර්ධන අධිකාරිය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ආපදා සහන සේවා අංශයන්, ලංකා විදුලි බල මණ්ඩලය, අදාළ ප්‍රාදේශීය සභා ඇතුළු අදාළ සියළු අංශ මාර්ග අවහිරතා ඉවත් කිරීම් හා ආපදාවට පත් පුද්ගලයින්ට සහන සැළසීම ඇතුළු කටයුතු ක්‍රියාත්මක කොට තිබිණි.
හාලිඇල- විජේරත්න රත්නායක
අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ පාලමක් සම්පූර්ණයෙන්ම කැඩි යයි
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ 26 වෙනිදා උදෑසන පාලමක් සම්පූර්ණයෙන්ම කැඩීයාම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කළමනාකරන කාර්යාලයේ සඳහන් කරයි.
ඒ අනුව අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අරලගංවිල ප්‍රදේශයෙන් වසා දැමීමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරන සහකාර අධ්යක්ෂ රංජිත් අලහකොන් මහතා අප කළ විමසීමේදී සඳහන් කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත්, මහවැලි සී කලාපය ඇතුළු ඉහළ ප්‍රදේශවලට පවතින වර්ෂාවෙන් ගලා එන ජලයේ සැඩ පහරට මෙම පාලම කැඩි ගොස් ඇති අතර ඒ සඳහා විකල්ප මාර්ගය තිබුණද එම මාර්ගවලටද ගස් පෙරළී තිබීම හේතුවෙන් වාහන ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් අඩපණ වී ඇති බවද ඒ මහතා කීය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව ලක්ෂ උයන ප්‍රදේශය හරහා හමා ගිය ටොනඩෝ සුළඟින් නිවාස පහළොවකට පමණ හානි සිදුවී ඇති බවද අලහකෝන් මහතා පැවසීය.
මීට අමතරව, මහවැලි ගග මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීමෙන් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය, ගල්ලෑ ල්ල ප්‍රදේශයේ සහ මනම්පිටිය ප්‍රදේශය අඩි භාගයක් පමණ ජලයෙන් යට වී තිබෙන අතර වැලිකන්ද නාමල්ගම ප්‍රදේශයද ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමට බාධා එල්ල වී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
මනම්පිටිය නිමල් ජයරත්න
පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ඇල්ල දුම්රිය ස්ථාන අතර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම අසල සහ අබේවෙල නානුඔය දුම්රිය ස්ථාන අතර 135/74 සැතපුම් කණුව අසලදී ,උඩුවර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ (26) අලුයම දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ අලුයම උඩරට දුම්රිය මාර්ගය ට පස්කදු ගල්පර්වත කඩා වැටී ඇති බවත් , මේ වනවිටත් දුම්රිය සේවකයන් මාර්ගයට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ඉවත් කිරිමේ කටයුතු වල නිරතව සිටන බවද එහි ප්‍රකාශයකු කීය .
නමුත් දැනට පවතින අධික වර්ෂාව නිසාවෙන් එම කටයුතු වලට බාධා සිදුව ඇත.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රිය මේ හේතුවෙන් දැනට නානුඔය දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (26) අලුයම 5.45ට ධාවනය වීමට නියමිතව තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය මෙතෙක් ගමන් ආරම්භ නොකල බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය .
දුම්රිය මාර්ගය ට.කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ගස්කොළන් ඉවත් කිරිමට තව පැය කීපයක් ගත වන බවත් , මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .
මොනරාගල දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය වන මුතුකණ්ඩිය වාන් දමයි
මොනරාගල දිස්ත්‍රික්කයේ විශාලතම ගොවි ජනපද ව්‍යාපාරය වන සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මුතුකණ්ඩිය ජලාශය (26) වෙනිදා සිට වාන් දමමින් පවතී.
මේ දින වල සියඹලාණ්ඩුව ප්‍රදේශයට අධික ලෙස වර්ෂාව ලැබෙන අතර මුතුකණ්ඩිය ජලාශයේ ජල ප්‍රමාණය අක්කර අඩි 24,569 ඉක්මවා යාම නිසා වැව වාන්දමමින් පවතින බව මොනරාගල වාරිමාර්ග කලාප අධ්‍යක්ෂක ඉංජිනේරු ආර්.එස් සුදුසිංහ මහතා පැවසීය.
මුතුකණ්ඩියකන්ඩිය ජලාශය වාන්දැමීම නිසා හැඩඔයේ ජල මට්ටම ඉහළ ගොස් පිටාරගලමින් පවතින නිසා හැඩඔය දෙපස පදිංචිව සිටින පවුල් වලට විමසිලිමත්ව සිටින ලෙසත් රාත්‍රී කාලයේ ඉවුරු දෙපස පදිංචිව සිටින පිරිස් තම ඥාතීන්ගේ නිවෙස් වලට ගොස් සිටින ලෙසත් ඉල්ලා සිටී.
මොනරාගල සුමනසිරි ගුණතිලක
උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හයක් විවෘත කරයි
වර්ෂාවත් සමඟ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හයක් අද (26 ) අලුයම විවෘත කල බව ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .
මේ නිසාවෙන් පහල රත්කිද සිට ගිරාදුරුකෝට්ට දක්වා ඇති කෝසුව ජලයෙන් යට වෙන හෙයින් ජලාශයේ පහල නිම්නයේ සිටින ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව සිටින්නැයි අනතුරු හගවති.
ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු 6ක් මීටර් 2 බැගින් මෙසේ විවෘත කල බව පවසන උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා එයින් තත්පරයට ඝන මීටර් 420ක පමණ ජලධාරිතාවක් ජලාශයේ න් පිටවන බවද පැවසී
ඇල්ල ප්‍රසාද් රුක්මල්
අධික වර්ෂාව නිසා වව්නියාවේ වැවක් කැඩී යයි. කුඹුරුත් යටවෙයි.
වව්නියාව ඔිමන්ත මත්තුවිලාන්කුලම් වැවේ වැව් බැම්ම කැඩී යාම හේතුවෙන් ඇති වූ ජලගැලීම් නිසා පහත් බිම්හි පිහිටි කුඹුරු අක්කර 100 කට ආසන්න ප්‍රමණයක් සම්පූරණයෙන්ම යටවී ඇතැයි ප්‍රදේශවාසී ගොවීහු පවසති.
අද (26) උදෑසන වන විටත් වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපත වර්ෂාව හේතුවෙන් සමන්ය ජනජීවිතයටද දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ගංවතුර තත්වයක්ද ඇති වීමේ අවධානමක් පවතින බවට වව්නියාව ආපදාකලමනාකරන ඒ්කකය දැනුම් දෙයි.
මත්තුවිලාන්කුලම් වැවේ වැව් බැම්ම කැඩීයාම හේතුවෙන් වැවේ ජලය පහත්බිම් වෙතට ගලාගොස් ගංවතුර තත්වයක් ඇතිවීම වැලක්වීම සඳහා මේ වන විටත් ආපදාකලමනාකරන ඒකක නිලධාරීන් සමග යුදහමුදා නිලධාරීන් විසින් වැව් බැම්ම කැඩී ගිය ස්ථානය පිළිසකර කිරීමේ උත්සහයක නිරතව සිටිති.
වැලිකොට්ට දමා වැව් බැම්ම කඩි ගිය ස්ථානය තාවකාලිකව පිළසකර කිරීමට දැඩි උත්සහයක නිරත වන අතරම පවතින අධික වර්ෂාව හේතුවෙන් එයට දැඩි බාධවන් ඒල්ල වී ඇතැයි යුදහමුදව පැවසීය.
වවුනියාව මධුෂංක අමරසිංහ
පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු අටක් විවෘත කෙරේ
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු අටක් (08) අද දින පෙරවරුවේ (26) විවෘත කළ බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
ඒ අනුව පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු අටක්, අඩි හයයි අඟල් අට (6'.8") බැගින් ඉහළට ඔසවා ඇති අතර මේ හේතුවෙන් ජලාශය පහළට මහවැලි ගඟට තත්පරයට ඝණ අඩි 34,995 ක පමණ ජල ප්‍රමාණයක් නිකුත්කරන බවත් එම කාර්යාලය පැවැසීය.
මේ හේතුවෙන් පොල්ගොල්ල වේල්ලට පහළින් වික්ටෝරියා ජලාශය දක්වා මහවැලි ගඟ භාවිතා කරන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව එම කාර්යාලය වැඩිදුරටත් පැවැසීය.
(දුම්බර - එම්.ආර්. ප්‍රදීප්)
බදුලු දුම්රිය නානුඔයට පමණයි
පවතින අයහපත් කාලගුණයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා ස්ථාන කිහිපයකින්ම දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩා වැටිම හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන මගි ප්‍රවාහන දුම්රියන් (26) දින නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවන බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.
නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවන දුම්රියන් ආපසු හරවා කොළඹ දක්වා ධාවනය කිරිමටත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන කිසිදු මගි ප්‍රවාහන දුම්රියක් (26) දින ධාවනය නොකල බවයි එම නිලධාරියා කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd