මුහුණ වසාගෙන තියුණු ආයුධ රැගෙන බදුරලිය උග්ගස්වත්ත වයෝවෘද්ධ වයස අවුරුදු 77 හා 80ක යුවලක් සිටින නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙක් ඔවුන් දෙදෙනාගේ මුහුණු සහ අත් පා බැඳ දමා රුපියල් ලක්ෂ 3 කට ආසන්න රන් ආභරණ සහ මුදල් කොල්ලකා පලා ගොස් ඇතැයි බදුරලිය පොලිසිය කියයි.
කොල්ලකෑ දේපළ අතර රන් මුදු තුනක් ජංගම දුරකථන හතරක් සහ රුපියල් 37000/= ක මුදලක් වන බව පොලිසිය සඳහන් කරයි.
මධ්‍යම රාත්‍රී දොළහට පමණ නිවස පිටුපස දොරවල් දෙකක් කඩාගෙන නිවස තුළට ඇතුළු වී තිබූ කොල්ලකරුවන් දෙදෙනා වයෝවෘද්ධ යුවළගේ මුහුණු සහ අත් පා ගැට ගසා කාමරයකට දමා පුරා පැය දෙකහමාරක ආසන්න කාලයක් නිවස තුළ රැඳෙමින් වටිනා දේපළ සොයමින් මෙම කොල්ලය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි
කොල්ලකරුවන් නිවසින් පිටව යාමේදී පොලිසි ගියොත් මරණ බවටද තර්ජනය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කොල්ලකරුවන් පිටව යාමෙන් අනතුරුව දැඩි වෙහෙසක් දරා පිරිමි පුද්ගලයා කොල්ලකරුවන් ගැට ගසා තිබූ බැමි ලෙහා ගැනීමෙන් අනතුරුව සිය බිරිඳ ද බැඳ තිබූ බැමි පුටුවක් මතට වී අලුයම තෙක් රැඳී සිට ඇති බව පොලිසිය කියයි.
අනතුරුව අසල්වාසියකු පැමිණ දියණියකට දුරකථන ඇමතුමක් ලබාදී ගෙන්වාගෙන කොල්ලකරුවන්ගේ තර්ජන හා බියවැද්දීම් සිදුවේ යැයි සැක සිතා වයෝවෘද්ධ යුවළ හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
එම වයෝවෘද්ධ යුවළ තේ වගා කරමින් ජීවිකාව කරගෙන යන්නන් බවත් පොලිසියේ වැඩිදුරටත් සඳහන් කරයි. බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.