වයඹ පළාත් සභාවේ ආයතන 13කට අයත් වාහන 28ක්, යතුරුපැදියක්, ත්රි රෝද රථයක් සහ යන්ත්ර 05ක් වසර ගණනාවක සිට නිෂ්කාර්යව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
මෙකි වත්කම් උපයෝජනය කිරිමට හෝ අපහරණය කිරිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. කෙසේවුවද මේ සම්බන්දයෙන් වයඹ පළාත් සභාවේ ප්රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට පිළිතුරු ලබා දි නැත.
වයඹ පළාත් සභාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත
චන්දන සමරවික්රම