රට පුරා පැතිර ඇති වනඅලි උවදුර ඉදිරි වසරක කාලය ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා වනජීවි නිලධාරීන්ට සුදුසු නිල ඇඳුමක් සහ ගිනිඅවියක් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත් වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ (08දා) පැවැති රැස්වීමකදී හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
“වනජීවී දෙපාර්තමේන්තුවට වසර හැත්තෑවක් පමණ පැරණි වෙනවා. අලි මිනිස් ගැටුමට වසර 35ක් පමණ වෙනවා. යුද්ධය මට බාර දුන්නෙත් වසර තිස් දෙකක් පමණ පරණ වූවායින් පසුවයි. වසර එකහමාරක පමණ කාලයකින් මාහට ගෙදර යන්නට සිදුවන නිසා වසරක් ඇතුළත අලි මිනිස් ගැටුම 95 %ක් අවසන් කිරීමට මා ක්‍රියා කරනවා.
අලි මිනිස් ගැටුමට එකම විසඳුම බවට පත්ව ඇත්තේ ප්‍රමිතියෙන් යුතුව අලිවැට සවි කිරීමයි. මේව න විට රට වටේ කිලෝමීටර් 4500ක් විදුලිවැට පැවතියද ඒ සියලු විදුලි වැටවල් ප්‍රමිතියකින් තොර ඒවායි. තවත් කිලෝමීටර් දෙදහස් පන්සීයක් දුරකට විදුලිවැට අවශ්‍යයි. තවත් කිලෝමීටර් 2500 ඉදිකොට ඒවා නඩත්තු කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවට පිරිස් බලය පන්දහසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබෙනවා.
වනජීවී දෙපාර්තමේන්තුව මුදල් බිලියන 50ක් පමණ ඇති කෝටිපති ආයතනයක් මා එම මුදල් ප්‍ර යෝජනයට ගෙන මේ වසර එකහමාර තුළ අලි මිනිස් ගැටුම අවසන් කිරීමට බලාපොරොත්තු වනවා.
වනජීවී නිලධාරීන්ට සුදුසු නිල ඇඳුමක් ලබාදීමටත් එමෙන්ම දැනට පාවිච්චි කරන ගිනි අවිය වෙනුවට චීනයෙන් ගෙන් වූ ටී56 ගිනි අවියට සමාන ගිනි අවියක් ලබාදීමට මේ වන විට ජනාධිපතිවරයාගේ අවසරය ලැබී තිබෙන අතර එම ගිනි අවියෙන් අලින්ට වෙඩි තැබීම නොව තමන්ගේ ආත්ම ආරක්ෂාවට පාවිච්චි කළ යුතුයි.“යැයි ද පවසා සිටියේය.

එස්.කරුණාරත්න / රත්තොට - රුවන් ධනංජය