වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි, වන සංරක්ෂණ නිළධාරීන් විසින් දශක කිහිපයක සිට පවත්වාගෙන එන වන සංරක්ෂණ දෙපාර්තුමෙින්තු අරමුදල රජයට පවරාගැනිමේ සුදානමක් ඇතැයි වන සංරක්ෂණ නිළධාරිහු චෝදනා කරති.
වන සංරක්ෂණ නිළධාරීන් විසින් සිදුකරන වන අපරාධ වැටලීම් වලදී, අධිකරණයෙන් නියම කරන දඩමුදල් වලින් සියයට පනහක් මුදලක් මෙම වන සංරක්ෂණ අරමුදලට එකතුවන අතර ඉතිරි මුදල මහා භාන්ඩාගාරයට බැරවේ.
වන සංරක්ෂණ නිළධාරින් පවසන්නේ මෙි වන විට එම ගිනුමෙහි රැපියල් මිලියන හැටකට වැඩි මුදලක් තැන්පතු වශයෙන් පවතින බවයි.
“ වන සංරක්ෂණ නිළධාරින්ගේ යතුරැ පැදිවල ඉන්ධන වශයෙන් රජයෙන් ලැබෙන්නේ මාසයටම රැපියල් 500ක වගේ මුදලක්,වාහනයක් සදහා ලැබෙන්නේ රැපියල් 3000ක වගේ ඉන්ධන දීමනාවක්, ඒ මුදලින් කොහොමද වන නිළධාරින් වන අපරාධ වලක්වන්න කටයුතු කරන්නේ.
අපේ නිළධාරින් වන ආරක්ෂණ රාජකාරි කරන්නෙත්, නිළධාරින්ගේ ධාරිතාව වැඩි කිරිම සදහා අවශ්යක පුහුණු කටයුතු සංවිධානය කරන්නෙත් මෙි අරමුදලේ මුදල් වලිනුයි, ඒ වගේම අධිකරන ක්රිහයාමාර්ග වලදි, එම අධිකරන වැඩවලට සම්බන්ධ වන වන නිළධාරින්ට අවශ්යහ ගමන් වියදම් ගෙව්වෙත්, මෙි අරමුදලෙනුයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි ඇති මෙි අරමුදල සම්පුර්ණයෙන්ම වන නිළධාරින් විසින් හදපු අරමුදලක්. මෙි අරමුදල පාලනය වන්නේ, වන සංරක්ෂණ ආඥා පනතේ ඇති විධිවිධානයන්ට යටත්වයි“ .නම කීමට මැලි වු වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි ඉහළ තනතුරක් දරණ නිළධාරියකු පැවසුවෙිය.
පරිසර ඇමතිවරයා ඇතුලු රජය විසින්, වන නිළධාරින් එකතුව ගොඩනගා ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අරමුදල, පවරා ගැනීමට කටයුතු කරන්නේ නම්, වන නිළධාරින් විසින් සිදුකරන වන ආරක්ෂණ රාජකාරී නවතා දැමීමට වන නිළධාරින්ට සිදුවන බවත්, ඒ හේතුව නිසා වන අපරාධ විශාල ලෙස ඉහළ යා හැකි බවත්, වන නිළධාරිහු කියති. ඔවුන් පවසන්නේ මෙි වන විටත්,දෙපාර්තමෙින්තුව සතු වනාන්තර ආරක්ෂා කිරිමට ඇත්තේ ඉතා සීමිත වන නිළධාරින් ප්රරමාණයක් පමනක් බැවින් රජයේ මෙම තීරණය නිසා, වන ආරක්ෂන කටයුතු සදහා විශාල බලපෑමක් ඇතිවිය හැකි බවයි.
අප මෙි සමිබන්ධව විමසීමට, පරිසර අමාත්යි වෛද්‍යා ධම්මික පටබැදී මහතා සහ වන සංරක්ෂක දෙපාර්තමෙින්තුවෙි වන සංරක්ෂක අධ්‍යයක්ෂක ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා දුරකථනයෙන් සමිබන්ධකර ගැනිමට උත්සහකලද එම උත්සහයන් අසාර්ථක විය. නමුත් එම දෙපාර්තමෙින්තුවෙි වෙනත් නිළධාරියකු පැවසුවෙි,රජය විසින් මෙම වන සංරක්ෂණ අරමුදල රජයට ගැනීමට ඇති සුදානම සත්‍යක් බවයි.
මොණරාගල නයනජීව බණ්ඩාර