බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ජාතින නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (17දා) මෙලෙස අදහස් පළ කර සිටියේය.
අද ආණ්ඩුව කරගෙන යන මහත්වරු රනිල් වික්‍රමසිංහ මහතා සමග සරත් ෆොන්සේකා ජයග්‍රහණය කරවීමට ඉතා පුරෝගාමී දායකත්වයක් සපයනු ලැබුවා. ඒ වකවානුවේ මේ ප්රශ්නය පැන නැගුනේ නැද්ද? මේ අපි වේදිකාවේ ඉන්නේ බටලන්ද වදකාගාරය පිළිබඳ චෝදනා එල්ල වුණු පුද්ගලයා සමග නේද, ඒ සියල්ල කරද්දි මේ අප්පිරියව, අපුල, ඔය කියන ප්‍රතික්‍රියාව දැනුනේ නැත්තේ ඇයි? ඔය වමනය ආවේ නැත්තේ ඇයි? අපිට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඒක. එතකොට රනිල් වික්‍රමසිංහ බටලන්ද වදකාගාරයට සම්බන්ද නෙනෙක් කියලා හිතුනේ නැද්ද? අපි ජසීරා මාධ්‍යවේදියා කිව්වමද මේ අය නින්දෙන් ඇහැරුනේ? තාමත් බබ්බුද? මේ රටේ තිබුණු වදකාගාර වල වද වේදනා විදලා මැරුණු මිනිස්සුන්ව බයිට් එකට ගන්න එපා.