බටපොල මහගංගොඩ ප්රදේශයේ කුඩා පිරිමි දරුවෙකු (03) දියේ ගිලී මියගොස් ඇති බව බටපොල පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක් වන මහගංගොට, අළුත්වල ප්ර දේශයේ පදිංචි දරුවෙකී. මියගිය දරුවාගේ පියා වෙළදසැලක් පවත්වගෙන යන අතර, මෙම දරුවා එම වෙළදසැලේ සිට තනිවම නිවසට ගෙස් ඇති බවත්,නැවත නොපැමිණිම නිසා පියා විසින් සොයා බැලිමේදී නිවසේ පිටුපස වගා බිමක් සදහා සකස් කරන ලද ජලය පිරි ඇති කාණුවක දියේ ගිලී සිටියදී ගොඩට ගෙන රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව විමර්ශණවලදී අනාවරණය වු බව පොලිසීය පවසයි.
බටපොල පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
අනුර ප්රියන්ත