කොරෝනා වසංගතය ශ්රීඝ්රයෙන් පැතිරියන මොහොතක වතුකරයේ සේවා කටයුතු තාවකාලිකව නතර කොට සේවක ජිවිත ආරක්ෂා කරන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පවසයි.
රටේ වැවිලි කර්මාන්ත ආඛණ්ඩව පවත්වාගෙන යාමට රජය ගෙන ඇති තිරණය පිළිබද යළි සලකා බැලිම අත්‍යවශ්‍ය කරුණක් බවද ලංකා වතු සේවා සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි. වතුවල සේවයේ නිරත ජනතාවගේ දු දරුවන් තමන් පදිංචි ප්‍රදේශවලින් බැහැර කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඉදිකිරිම් වෙළඳ ස්වර්ණාභරණ හා සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්රවල නිරතවන අය බව පවසන ලංකා වතුසේවා සංගමයේ සභාපතිවරයා මේ වනවිට ඔවුන් නැවත ගම්බිම්වලට පැමිණ ඇති බවද පවසයි. කොරෝනා වෛරසය හේතුවෙන් අවදානම් කලාප ලෙස නම්කොට ඇති ප්‍රදේශවල රැකියාවල නිරත සිටි පිරිස්ද මේ අය අතර සිටින බව දැනගන්නට ඇති බැව් චතුර සමරසිංහ මහතා පවසයි.
සිය නිවෙස්වල කුඩා පෙලි නිවාසවල එක්ව ජිවත්වන මොවුන් ඔවුන්ගේ සෞඛ්‍ය පුරුදු සෙසු ජනාතව හා සැසදිමේ දි ඉතා අවම තත්ත්වයක පවතින බවද ලංකා වතුසේවා සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි. වතුවල සේවය කිරිමේ දි රංචු වශයෙන් කටයුතු කිරිම සාමාන්‍ය තත්ත්වයක් වන අතර දළු හා රබර් කිරන අවස්ථාවලදි 25ක 30 කණ්ඩායමක් ලෙස හැසිරිම බහුලව සිදුවන්නක් බවද හෙතෙම පවසයි. මෙම තත්ත්වයට ප්රමුඛව ගොදුරුවන්නේ වැවිලිකරයේ සේවයේ නිරත එක්ලක්ෂහතලිස් දහසක පමණ වතුසේවක වතු කාර්යමණ්ඩල හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බවද ලංකා වතුසේවා සංගමයේ සභාපතිවරයා පවසයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වතුකරයේ සේවා කටයුතු තාවකාලිකව නතර කරන ලෙසත් ඇදිරි නීතිය බලපැවැත්වෙන දින වලදි ඔවුන්ට වියලි ආහාර හා සහනාධාර ලබාදිම කෙරෙහි රජයේ හා වැවිලි සමාගම්වල අවධානය යොමුවිය යුතු බවද ලංකා වතුසේවා සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.