කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත සහ පිඩාවට පත් පුද්ගලයින් එක්ලක්ෂ දෙදහසකට රු පන්දහස බැගින් වු දිමනාවක් ලබාදෙන බව ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.
ආරුමුගන් තොණ්ඩමන් අමාත්‍යවරයා එ බැව් කියාසිටියේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් වතුකරයේ ජනතාවට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසිම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය සමග අද (06) දින හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමිනි.
මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යයේ ලේකම් ඩි.පි.ජි.කුමාරසිරි මහතා කියාසිටියේ සෞභාග්‍යයා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන වතුකරයේ මුඩු ඉඩම් වල ව්‍යාප්ත කිරිම සදහා මුඩු ඉඩම් වතු අධිකාරිවරුන් හරහා හඳුනාගෙන එම ඉඩම් වතුකරයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට ලබා දි බිජ ඇට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නොමිලේ ලබා දි වතුකරය පුරා සෞභාග්‍යය ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන දියත් කරන බවයි.
වතු කම්කරුවෙකුට මසකට රු නවදහසක් වටිනා වියළි සලාක මල්ලක් ලබා දිමට කටයුතු කර ඇති බවත්, දින 10 කට රු තුන්දහසකට වියළි සලාක මල්ලක් බැගින් මසකට වියළි සලාක මලු තුනක් ලබා දිමට මේ වන විට රජය කටයුතු කර ඇත.
රජයෙන් සහ වතු සමාගමෙන් එ සදහා මුලික ප්‍රතිපාදන ලබාදෙන බවත්, වියළි සලාක මලු වන වටිනාකම් වතු කම්කරුවන්ගෙන් වාරික තුනකින් යළි අය කරගැනිමට කටයුතු කරන බවයි අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියේ.
මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා කියාසිටියේ කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානමෙන් පිඩාවට පත් සහ රැකියා විරහිත අයහට රු පන්දහසකට දිමනාව හෙට (07) සිට ග්‍රාමසේවා නිලධාරිවරයා හරහා ගෙවිමට කටයුතු කර ඇති බවයි.
එම මුදල ලබා ගැනිමට වතුකරයේ පිඩාවට පත් පුද්ගලයින් අසු අටදහසක් හඳුනාගෙන ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.
වතුකරයේ ජනතාවට වියළි සලාක මලු ලබා දිම සම්බන්ධයෙන් සමුපකාර සමිති , සතොස ශාඛා සහ සමෘද්ධි කාර්යාල වල ප්‍රමාණවත් තරම් තොග රැස්කිරිමට සැලසුම් කර ඇති බවයි.