වැටුපවැඩිකිරීමට ජනාධිපතිතුමා විසින් තීරණය කළ බවත් එම තීරණයට එකඟ නොවුනහොත් රජයට අයත් වතුසියල්ලම යළි රජයට පවරා ගැනීමට තීරණය කර තිබෙන බවත් කම්කරු හා විදේශරැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා අද ඇල්පිටියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
"හාම්පුතුන් සමග සහ වෘත්තීය සමිති සමග සාකච්චාවට කිහිපයක් පැවැත්වීමෙන් පසු වතුහාම්පුතුන් එකඟ නොවූ නිසා එවැනි එකඟතාවයක් නැති අවස්ථාවල කම්කරු කොමසාරිස්වරයා වෙත පැවරී ඇති බලතල අනුව නීතියෙන් අපට ලැබී තිබෙන ප්‍රතිපාදන අනුව,මූලික වැටුප හැටියට රුපියල් 1350/=කුත්,දීමනාවක් හැටියට රුපියල් 350/=කුත්,වශයෙන් රුපියල් 1700/=ක දීමනාවක් ගෙවන හැටියට තීන්දු කළා.
එය අප්‍රේල් මාසෙ 30 වැනිදා ගැසට් කරනු ලැබුවා.එම පියවර ක්‍රියාත්මක කිරීම සඳහා දින 15 ක කාලයක් ලබාදුන්නා.නමුත් කිසුවෙකුගෙන් ඊට විධිමත්වූ විකල්ප යෝජනාවක් ලැබුණේ නැහැ.ඒ නිසා නැවත වතාවක් අපි ගත්තු තීරණය ස්ථිර කරමින් නැවත වතාවක් අපි රජයක් විදියටත් කම්කරු නීතිරීති අනුවත් අපට ලැබීතිබෙන බලතල අනුවත් ගිය බ්‍රහස්පතින්දා කටයුතු කළා.
ජනාධිපතිතුමත් අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්චා කළා.වතුකම්කරුවන් පසුගිය කොරෝනා සමයේ ,රට වැටිච්ච වෙලාවෙ සිට ඉතාම දුක්ගැහැට විඳිමින් රටේ ආර්ථිකය ගොඩගන්න ඉතාම කැප්වීමෙන් සිය ශ්‍රමය වැයකළා.නමුත් ජනාධිපතිතුමා කළ ඉල්ලීම්වලට වතුහාම්පුතුන් නිසි ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ.ඒ නිසා මේ වැටුප් වැඩිකිරීමේ තීන්දුව අපි ගත්තා.මේ නිසාම සියලුම වතුහාපුතුන්ට සිදුවෙනවා ඉදිරියේදී නේ අවම මූලික වැටුප ගෙවන්න.
අද පෞද්ගලික තේ කර්මාන්තශාලාවල පවා මේ මුලික වැටුපට වඩා වැඩි වැටුපක් කම්කරුවන්ට ගෙවනවා. රජයේ වතු පෞද්ගලික අංශයට බදු දීලයි තිබෙන්නේ.ඔවුන් එම වතුවලින් වෙනත් ආකාරයෙන් නොයෙක් ඵල ප්‍රයෝජන ලබාගන්නා අතරේ මේ වතු කම්කරුවාගේ වැටුප වැඩිකරන්න කටයුතු කරන්නේ නැහැ.
ආණ්ඩුවේ වතු කළමණාකරණය කිරීම භාරගෙන ඒවා නිසි අයුරින් කළමණාකරණය නොකර අද නිසි වැටුපක් නොගෙවා මගහරින්න කල්පනා කරනවානම් ජනාධිපතිතුමා පසුගිය කැබිනට් රැස්වීමේදී තීන්දුවක් ගත්තා මේ අවම වැටුප නොගෙවන්නේ නම් ඊට හේතු සොයාබලා එසේ නොගෙවන්නේ අකාර්යක්ෂමතාවයක් නිසා නම් එසේ වැඩිකළ වැටුප් නොගෙවන එම වතු යළි ආණ්ඩුවට පවරාගෙන ඒවා කකාර්යක්ෂමව කළහැකි අයට පවරා දෙන්න අවශ්‍ය මූලික පනත හදන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා.
අපි වතුහාම්පුතුන්ට මේ වෙලාවේ මතක් කරන්න කැමැතියි ආණ්ඩුවේ වතු දැනට කල්බදු ක්‍රමයට පාලනය කරන හාම්පුතුන්ට අපි මේ වෙලාවේ මතක්කරනවා ශ්‍රමිකයාගේ මේ අවම වැටුප නොගෙවා තව දුරටත් ශ්‍රමිකයාගේ වැටුප ගෙවන්න තමන්ගේ අවධානය යොමුකරන්න.එසේ ගෙවීමට අමාරුනම් ඒවා හරියට කළහැකි අයට දෙන්න අවශ්‍ය කටයුතු කිරීමයි මේ පනත හරහා සිදුකරන්නේ.
ඒ අනුව මේ පනත මගින් ජනාධිපතිවරයා බලය ලබාගන්නවා ඒ වැටුප නොගෙවන අකාර්‍ය්ක්ෂම වතු නැවත රජයට පවරාගෙන කම්කරුවන්ගේ වැටුප් හරියට ගෙවන්න පුළුවන් අයට මේ වතුටික පවරාදෙන්න කටයුතු කරන බව මේ වතු හාම්පුතුන්ට අපි මේ වෙලාවෙ දැනුම් දෙනවා.
රට වැටෙන්න ඕන පහළම තැනට වැටිලා ඒක ගොඩගත්ත මේ වෙලාවෙ කවුරුත් එකතුවෙලා රජයට සහයෝගය දිය යුතුව තිබෙනවා.මේ බාධක ජයගෙන රට ඉස්සරහටයද්දි සියලු බේදක අමතක කර සියලුම දෙනා සහයෝගය දෙයි කියල අපි මේ වෙලාවෙ බලාපොරොත්තු වෙනවා.මේ රට වාසනාවන්ත රටක්.ලබන මාසයේ සිට මේ වැඩිකළ කම්කරු ගෙවිය යුතුයි.එසේ නොගෙවනවානම් කම්කරු දෙපාර්තමේන්තුවට තිබෙනවා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය."
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර