වත්මන් ආණ්ඩුව වට්ටන බවට ප්‍රකාශ කරන පුද්ගලයන් හැකි නම් මහ මැතිවරණයේදී ජනාධිපතිවරනයට වඩා එක් ඡන්දයක් හෝ ගෙන පෙන්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වව්නියාවේ අද (10දා) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“අද වේදනාවෙන් කෑමොර දෙනවා සති තුනෙන් වට්ටනවාලු, මාස තුනෙන් වට්ටනවාලු, අවුරුද්දකින් වට්ටනවාලු. එහෙම කියනවා. මතක තබා ගන්න මේ ආණ්ඩුව මේ රට හදලා මිසක් ආපසු හැරෙන්නේ නෑ. ඔය දේශපාලන ව්‍යාපාර සියල්ල දියවෙන්න පටන් ගන්නවා. මම ඔය වට්ටන්න කතා කරන මහත්වරුන්ට කියනවා ජනාධිපති ඡන්දයේදී ගත්තට වඩා එක ඡන්දයක් අරන් පෙන්වන්න. මොන වැට්ටිලිද?ඒ අය වැටෙනවා ජනාධිපති ඡන්දෙටත් වැඩිය මහ ඡන්දයේදී බිමට.”